( +++ මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුව පුන්නකරය ප්‍රදේශයේ පිහිටි කඩොලාන පරිසරයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා බිම් කොටසක් නිදහස් කරන්නැයි ගම්මුන් වෙනුවෙන් ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා කළ ඉල්ලීමකට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ඊයේ (12) සිය විරෝධය පළකළාය.
තම ගමට බලපාන ධීවර ප්‍රශ්න රැසකට විසඳුම් ලබා ගැනීමට ඇමැතිවරයා කැඳවා මීගමුව පිටිපන ධීවර සමිති සංවර්ධන සමිති කාර්යාල ගොඩනැගිල්ලේ පසුගිය 10 වැනිදා පැවැති සාකච්ඡාවකදී ගම්පහ දිසා වන නිලධාරිනිය මෙම විරෝධය පළකළාය.
විද්‍යාත්මක තීත්දු තීරණ නොගෙන ගමේ ගොඩේ මිනිස්සුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළොත් පරිසරය විනාශ වී මිනිස්සුන්ට ජීවත්වීමට ඔක්සිජන් සපයා ගත නොහැකි නිසා තමන් කිසිසේත්ම නීතියට පිටින් වැඩ නොකරන්නේ යැයි පවසමින් වන නිලධාරී ජයතිලක මහත්මිය එම යෝජනාවට දැඩි ලෙස විරුද්ධව කරුණු දැක්වීම නිසා යෝජනාව ඉවත දැමීමට රාජ්‍ය ඇමැතිවරයාට සිදුවිය.
ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව පිටිපන ධීවර සමිති සංවර්ධන සමිති කාර්යාල ගොඩනැගිල්ලේ මෙම රැස්වීම පැවැත්විණි.
මෙහිදී ඇමැතිවරයා කඩොලාන ආශ්‍රිත පරිසර පද්ධතියක ළමයින්ට සෙල්ලම් කරන්න ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සම්බන්ධ යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී කරුණු දැක්වූ දිසා වන නිලධාරිනිය මෙසේ පැවසුවා.
මේක පරිසර පද්ධතියක්. යෝජිත භූමිය රජයේ වනාන්තර භූමියක්. වන ගහනය වැඩි කරන්න මේ වෙනකොට අපේ ඉලක්කයක් තියෙනවා. කඩොලාන භූමි හෙක්ටයාර් දස දහසක් අපිට තව මදි. ඊට අමතරව අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කතා කරද්දී අපේ භූමිය සම්පූර්ණයෙන්ම අයිති කරගෙන තියෙන බව ප්‍රජාවගෙන්ම කියවුණා. ඒ නිසා තට්ටු නිවාස ව්‍යාපෘතියක් හදන්න නගරාධිපති සමග සාකච්ඡා කර තියෙනවා.
රාජ්‍ය ඇමැති - මගේ ස්ථාවරය පුංචි දූපතක ඉන්න අපි වනජීවි, වන සංරක්ෂණ, වෙරළ සංරක්ෂණ ආයතනවල නීති මැද්දේ හිරවෙලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් නැහැ. නම්‍යශීලි වෙලා පියවරක් ගනිමු.
දිසා වන නිලධාරිනිය -මේක රජයේ වනාන්තර භූමියක්.
සභාවෙන් - විල්පත්තුව.
දිසා වන නිලධාරිනිය -විල්පත්තුව ගැන දේශපාලන අධිකාරියෙන් අහන්න. අඩුම වන ගහනය ඇත්තේ ගම්පහ. එය සියයට එකයි දශම හයක් විතරයි. වනජීවියට තියෙන්නේ අක්කර 18යි. අපිට තියෙන්නේ හෙක්ටයාර් අසූ එකයි. ඒවාත් ඉඩම් කච්චේරි තියලා බෙදා දෙන්න හදනවා. බොයිලේරු 52ක් තියෙනවා. ඒවාට ටොන් 40ක ගස් කපනවා. මෙහෙම ගිහින් ඔක්සිජන් නැතිව ගියාම අපිට හුස්ම ගන්න බැරි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ගස් නැතිව යනවා. විද්‍යාත්මක තීත්දු තීරණ නොගෙන ගමේ ගොඩේ මිනිස්සුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නනම් අපි ඉගෙන ගෙන මේ තනතුරුවලට එන්න ඕනෑ නැහැ.
සභාවෙන් - ඔක්සිජන් මොකටද? තිබුණාට වැඩක් නැහැ ළමයින් කුඩු ගංජා ගහනවා.
දිසා වන නිලධාරිනිය -මේ භූමිය රජයේ භූමියක් බව මම උසාවියේ ඔප්පු කර තියෙනවා. කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්න.
රාජ්‍ය ඇමැති -ඔබතුමියත් අපිත් නියෝජනය කරන්නේ ආණ්ඩුව. රණ්ඩු වෙලා අපිට ගමනක් යන්න බැහැ. කතා කරලා සාමකාමීව යන්න තියෙනවානම් හොඳයි.
(සභාවේ දෙපක්ෂයක් බහින්බස් වේ)
රාජ්‍ය ඇමැති -ඔය කාරණය පැත්තක තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න උදව් කරන්න.
දිසා වන නිලධාරිනිය -ප්‍රශ්නයක් නැහැ. හැබැයි නීතියට පිටින් වැඩ කරන්න බැහැ.
ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ සාමාජිකයෝ සහ රජයේ නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
කඩොලාන පරිසරයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යාම ම නීතියට පටහැනි ක්‍රියාවක්. පරිසරය රැකුනොත් අප රැකෙවී
ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය සීයට දෙසීයක් නිවැරදියි. කොමිස් ගිලින්න හදන වනචාරී දේශපාලුවන්ගෙන් නීතියට එකඟව වැඩ කරන්න සූදානම් අවංක නිලධාරින් ආරක්ෂා කිරීම රජයක යුතුකමකි...
මෙහෙම කොන්දක් තියන අය ගැන අසන්නට ලැබීමත් වාසනාවක්. බලන්න මෙතැනදී දේශපාලුවන්ගේ තියන් නූගත්කම මේක දූපතක් ලු මින්ස්සුන්ට හිරවෙලා ඉන්න බැහැලු ඒ නිසා ගස් කපලා මිනිස්සු පදිංචි කරමු ! වැස්සකටවත් ඉස්ස්කොලෙකට ගොඩවෙලා තියනවද මන්දා.
දේවානි නැගණියනි, ඔබ වැනි රාජ්‍ය නිලධාරීන් ඉන්න බව අහන්න දකින්න ලැබීමත් සතුටක්. මහජනයා වෙනුවෙන් කතා කල යුතු දේශපාලුවන් විකාර නටද්දී සැබෑවටම ජනතා අයිතිය රැක්කේ ඔබයි.
එයා ධීවර ඇමති නම් මත්ස්‍ය ජීවන රටාව ගැන ඉගෙන ගෙන එන්න කියන්න. කඩොලාන නැති වෙලා මාළු හිග වෙනකොට ඔය ඔක්සිජන් එපා කියපු බක පඬිතයෝම තමයි කැරලි ගහන්න එන්නේ මාළු ඉල්ලගෙන ආණ්ඩුවට විරුද්ධව. මේ ඇමතිට මොකක් හරි කුට්ටියක් ඇති කතා දෙකක් නැතිව. එහෙම නැතිනම් ඡන්ද ටික ගැන කැක්කුමක් ඇති මහා මැතිවරණෙත් අත ලග නේ. ජනාධිපති ට දෙයියන්ගේම පිහිටයි.
ඇස් අරිමු. නැගිටිමු. වහල් භාවයෙන් මිදෙමු. ගෞරවනීය රාජ්‍ය සේවයක් තනමු. එවිට රටම ඉදිරියට. මෙයයි අවශ්‍ය. මෙතුමියට බොහොම ස්තූතියි.
පුත්තලමේ බූරුවන් සිතන්නේ ඔවුන්ට තණකොළවලට වඩා හොඳ ආහාරයක් සොයා ගැනීම පමණි. ඊට එහා දෙයක් සිතන්නට ඔවුන්ට ජන්මයෙන් උරුම නැත. පුත්තලමේ බහුතර බූරුවන් ගැන මේ මොහොතේ අපි කණගාටු වෙමු...
දිසා වන නිලධාරිනියට තමන්ගේ රාජකාරිය ගැන තිබූ දැනුම ඉතා ප්‍රශංසනීයයි! පරිසරය ආරක්ෂා කරගැනීමේ වගකීමට මෙහිදි නායකත්වය දිය යුතුවේ.. තිබුණේ "දේශපාලකයායි"... ඔහුට ඒ ගැන අබමල් රොදක් දැනුමක් නැති බව ඔහු මෙහිදී ඔප්පු කර පෙන්වීය. ඔහු තර්ක කරේ පරිසරය, ස්වභාවික සම්පත් පසෙකලා තමන්ගේ ඊනියා ව්‍යාපෘතියට මුල්තැන දියයුතු බවයි!. රටේ දේශපාලකයා ක්‍රියා කරන්නේ මේ ආකාරයට නම්, අපේ රටේ අනාගතය ගැන තවත් කුමන බලාපොරොත්තුද? රට "ආණ්ඩුවේ-දේශපාලනයෙන්" මුදාගත්විට රටේ සංවර්ධනය සිදු වේවි...! ඒත් ඊට වගකීම ගන්නේ කවුදැයි අපිට ඇති ජාතික ප්‍රශ්නයයි...!!!
කඩොලාන පරිසරයක වටිනාකම නොදන්නා ධීවර ඇමති... වහල් ආණ්ඩුවේ අප්පච්චි මලෝට කරන්න බැරිවුණු එක මේ යූටර්න් රාජ්‍ය ඇමති කරන්න හදන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. පහුගිය අවුරුදු 5 පුරා මේ රටේ ජනතාව වහල් ආණ්ඩුවෙන් පරිසරය රැකගන්න ලොකු සටනක් කළා. නාවික හමුදාව වෙරළාසන්නයේ කඩොලාන පැල හිටවනකොට ජනතාව ඔවුන්ට දිරි දුන්නා. ඒ ජනතාවගේ ඡන්දෙන්ම බලයට ඇවිත් අද ඒ සටන පාවාදෙනවා. රටේ අනිකුත් කඩොලාන පරිසරයත් දේශපාලකයින්ගෙන් සහ ඔවුන්ගේ ගජ මිතුරන්ගෙන් රැකගන්න ගම්පහ දිසාවන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියගේ තනි සටන හොඳ ආදර්ශයක්... කඩොලාන කියන්නේ නිකම් ශාක වර්ගයක් නෙමෙයි. කඩොලාන කියන්නේ විවිධ ජීවින් ජීවත්වෙන ඉතා වටිනා පරිසර පද්ධතියක්... කඩොලාන ශාකවලට සාමාන්‍ය වැහි වනාන්තරවලට වඩා 50 ගුණයකින් සහ ඉතා දීර්ඝ කාලයක් කාබන් රඳවා ගැනීමේ හැකියාවක් ඇතිබව අලුත්ම සොයාගැනීම් වල තියෙනවා. කඩොලානවල වැදගත්කම තේරෙන්න මේ කරුණ විතරක් ඇති. ලෝකයේ රටවල් 195ක් තියෙනවා. ඒ අතරින් ජෛව විවිධත්වයක් ඇති ස්ථාන විදිහට හඳුනාගෙන තියෙන්නේ ස්ථාන 34යි. ලංකාවේ පරිසර පද්ධතිත් ඊට අයත්... අපේ සංචාරක ව්‍යාපාරයේ කොඳු නාරටිය රටේ තියෙන ජෛව විවිධත්වය...
ගම්පහ දිස්ත්රික්කයේ අඩු වන ගහනයට කිරිදිවැල මාලිගාවත්ත පවරාගෙන අක්කර 110 ක ප්‍රජා වන වග ව්‍යාපෘතිය යටතේ සාර්ථක වන වගාවක් ඇති කිරීමට මගේ රාජකාරි කාලයේදී මට හැකි උනා. මම ඒ ගැන ආඩම්බර වෙනවා. අදත් එම වගාව සාර්ථකව තිබෙනවා. නුගත් දේශපාලකයින් එම වන වගාවෙන් කොටසක් අපද්‍රව්‍ය මධ්‍යස්ථානයකට යට කර ගත්තා. ඔබ තුමියගේ නීතිගරුක භාවය පිළිබඳව ආඩම්බර වෙමි.
මම ගෞරවයෙන් රාජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙම නිලධාරිනියට අපහසුතාවයන් ඇති වන කටයුතු නොකරන ලෙස. අපහසුතාවයන් ඇති කිරීම හැමෝටම කළහැකි වුවත් මිනිස්කම වන්නේ අනෙකා ආරක්ෂා කිරීමය. එතුමිය අපි හැමගේම යහපත වෙනුවෙන් මහන්සි වී ඇත. අද සමජයේ මේ වගේ නිලධාරීන් ඉතා වටිනවා. අපේ ඇමැතිතුමාත් මෙය තේරුම් ගනීවි.
ඔය කියන ඉඩම ඊයේ රුපවාහිනියේ පෙන්නුවා. ක්‍රීඩා පිටියකට කෙසේ වෙතත් හෝටලයකට නම් කියාපු තැන. ක්‍රීඩා පිටියට කියලා වෙන් කරගෙන පස්සේ හිමීට හෝටලයක් ගහන්න පුළුවන්.
මෙන්න රටට වැදගත් නිලධාරින්... තමන් උපන් රටට ආදරය කරන මෙවන් නිලධාරීන් ලක් මවට අවශ්‍යම මොහොතක ඔබතුමියගේ ක්‍රියාකලාපය අප හදවතින්ම අගය කරන්නෙමු. පටු අරමුණුවලින් තම ජීවත්වන පරිසරය විනාශකරන "සියලුම පරයින්ට" මෙය ආදර්ශයක් වේවා...!!!
මෙම ප්‍රශ්නයේදී අදාල ඇමැතිවරයා එහි සිටින ප්‍රජාවගේ ගෝත්‍රික ලක්ෂණ උළුප්පා දක්වමින් නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළොත් මන්නා පහරට ලක්වන බව පවසනවා දැක්කෙමි. රටක නීතිය සියල්ලන්ටම පොදු බව ජනාතාව නියෝජනය කරන මෙම ඇමැති නොදැන සිටීම කණගාටුවට කාරණයකි. මෙම කාරණයට ඉඩ දුන්නහොත් හෙට තවත් රජයේ ඉඩමක් අනවසරයෙන් ආක්‍රමණය කළ විට එයට දීමට තිබෙන පිළිතුර කුමක්ද? සොබාදහමත් එක්ක සෙල්ලම් කරන්න ගොස් රටවල් බොහොමයක් අද බැටකනවා. නවදිල්ලියේ ජනතාවට හුස්ම ගැනීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා. කවදාහරි ඔය සෙල්ලම්පිටියේ සිටින දරුවන්ටත් හුස්ම ගන්නා උපකාරක පැළඳ සෙල්ලම් කරන්න වෙයි. ඒකත් හැමදාම කරන්න බැහැ... මෙම ප්‍රශ්නයේදී කෙළින් සිට විද්‍යාත්මකව කරුණු පැහැදිලි කළ නිලධාරි තුමියට සමස්ත ලාංකීය ජනතාව හා අනෙකුත් ජීවීන්ගේත් ප්‍රශංසාව හිමිවිය යුතුයි. දැන් මෙම ප්‍රශ්ණය ප්‍රසිද්ධ වී ඇති නිසා මේ සඳහා රජය ගන්නා පියවර දෙස සියල්ලන්ම බලාගෙන සිටී.
අනාගතය ගැන කිසිම අවබෝධයක් නැති අමන දේශපාලකයන් ඔක්කොම පරද්දවමු.
මෙන්න නියම පරිසර ඇමතිකමට සුදුසු උගත් නිලධාරිනියක්... ඇයව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගන්න. අනික් අය මොකටද? මෙයා අවංකවම අගමැතිකමටත් සුදුසුයි. රට හැදීමට අවශ්‍ය මෙවැනි නිලධාරීන්ය.
මෙවැනි ප්‍රශ්ණ දේශපාලුවෝ රටේ හැම තැනම හදනවා.