(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන්නැයි ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අප්‍රේල් 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය නීතිපතිට නොතීසි නිකුත් කළේය.
මෙම ප්‍රතිශෝධන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අතර එහිදි පෙත්සම් සලකා බැලීමද මෙදිනට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd