IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නීතිපතිගෙන් ඇවන්ට් ගාඩ් නඩුවට සංශෝධිත අධිචෝදනා පත්‍රයක්

(මනෝප්‍රිය ගුණසේකර)

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රයක් නීතීපතිවරයා අද (30) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක චෝදන 7573ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබුණත් එම චෝදනා වල මූලික පදනම බිඳ වැටීම නිසා ඉන් චෝදනා 7554 ක්ම ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉවත දමා විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතී විරෝධී අයුරින් උණ්ඩ ප්‍රවාහනයට ආධාර හා අනුබල දීම හා බොරු සාක්කි ගෙතීම යන චෝදනා 19ක් යටතේ නඩුව පවත්වාගෙන යෑමට නීතීපතිවරයාට අවසර දුන්නේය.

එමෙන්ම මෙම නඩුවෙන් නිදහස් කළ විත්තිකරුවන් 05 දෙනා ඇතුළුව විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට නීතීපතිවරයා පියවර ගනු ලැබූ අතර මෙම පැමිණිල්ල ලබන මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.

මෙම නඩුවට අදාළව මාස 3 1/2ක පමණ කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවූ “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මීට පෙර අවස්ථාවේදී කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුවේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු මීට පෙර අවස්ථාවකදී ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් පිළිගන්නා බව ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් 05 දෙනෙකු නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

එලෙස නියම කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

විත්තිකරුවන් 13 දෙනතකුට එරෙහිව 2014 අප්‍රේල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මීට පෙර අවස්ථාවකදී චෝදනා නඟා තිබිණි.

ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

එලෙස චෝදනා කරමින් නඩු පවරා තිබුණේ ‘ඇවන්ට් ගාඩ්’ සහ ‘රක්නා ලංකා’ සමාගම්, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 නොවැම්බර් සිට 2015 ජනවාරී) හිටපු සභාපති පාලිත ප්‍රනාන්දු, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 ජුලි සිට 2015 මැයි) හිටපු ප්‍රධාන විධායක නිලධාරී කරුණාරත්න බණ්ඩා එගොඩවෙල, ‘රක්නා ලංකා’ සමාගමේ සමුද්‍ර ආරක්‍ෂණ අංශයේ සාමාන්‍යධාරීකාරි පොන්නතුරෙයි බාලසුබ්‍රමනියම් ප්‍රේමචන්ද්‍රන්, ‘රක්නා ලංකා’ සමාගමේ (2015 මැයි සිට) සභාපති වික්ටර් සමරවීර, ‘එම්.වී. ඇවන්ට් ගාඩ්’ නෞකාවේ සිටි ‘රක්නා ලංකා’ සමාගමේ නියෝජිත දොන් ඇල්බට් තිලකරත්න, ‘ඇවන්ට් ගාඩ්’ සමාගමේ සභාපති යාපා හෙට්ටි පතිරැන්නැහැලාගේ නිශ්ශංක සේනාධිපති, ‘ඇවන්ට් ගාඞ් මෙරිටයිම් සර්විසස් සමාගමේ වාණිජ නෞකා ආරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අංශ ප්‍රධානි විශ්වජිත් නන්දන දියබලනගේ, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ සිටි ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ නියෝජිත නිලුපුල් ද කොස්තා, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග්‍රැව්රිලෝන්, ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (2015 සැප්තැම්බර් සහ ඔක්තොම්බර්) සමන් දිසානායක සහ සුජාතා දමයන්ති ජයරත්න ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (2014 අප්‍රේල් සිට 2015 ජනවාරී) නමැති විත්තිකරුවන් 13 දෙනාට එරෙහිවය.

ඉන් අනතුරුව විත්තියේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයකට අනුව ‘ඇවන්ට් ගාඞ්’ සමාගම, ‘රක්නා ලංකා’ සමාගම, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 නොවැම්බර් සිට 2015 ජනවාරී) හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 ජුලි සිට 2015 මැයි) හිටපු ප්‍රධාන විධායක නිලධාරී කරුණාරත්න බණ්ඩා එගොඩවෙල මහතා සහ ආරක්‍ෂ අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය නිදහස් කරන ලදී.

ඉන් අනතුරුව නීතීපතිවරයා විසින් චෝදනා 882 කින් යුත් සංශෝධිත චෝදනා පත්‍රයක් විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව ඉදිරිපත් කරන ලදී.

මෙම නඩුව ලබන මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.

 

 

 

 

 



අදහස් (3)

නීතිපතිගෙන් ඇවන්ට් ගාඩ් නඩුවට සංශෝධිත අධිචෝදනා පත්‍රයක්

Mahee Thursday, 30 January 2020 01:01 PM

මං හිතන හැටියට ගිනස් පොත පෙනිපෙනී අපට ලෝක වාර්තාව අහිමි වුණා. හරි දුකයි. කලින් චෝදනා පත්‍රය තමයි ලෝකයේ දිගම එක... මොනවා කරන්නද? නොලැබීම තමයි...

:       12       43

SamThursday, 30 January 2020 02:53 PM

මම දැක තිබෙන විනෝදාත්මක දේවල් වලින් එකක්...

:       0       76

විපරමා Thursday, 30 January 2020 04:32 PM

කොමඩි දැකලා තිබුණට මෙහෙම කොමඩියක් ඔය දැක්කමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site