IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නීතිඥ සංගමය ස්විස් නිවේදනය හෙළා දකී

ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ‘නිසි ක්‍රියාදාමය’ට ඇති කැපවීම ප්‍රශ්න කිරීමට තුඩු දුන් බව සඳහන් කරමින් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉකුත් දා කර තිබූ නිවේදනය හෙළා දකින  බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.

‘නිසි ක්‍රියාදාමය’ අනුගමනය නොකළ අවස්ථාව කුමක්දැයි ප්‍රකාශ කරන ලෙස ද නිවේදනය සකස් කළ පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට කැළලක් කිරීමට කිසිදු අවස්ථාවකදී අදහස් නොකළ බව සඳහන් කරමින් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විදේශ සබඳතා අමාත්‍යාංශය හා සමගාමීව දෙසැම්බර් 30 වැනිදා  එම නිවේදනය කර තිබිණි. 

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන දේශීය නිලධාරිනිය සම්බන්ධ සිදුවීමේදී ‘නිසි ක්‍රියාදාමය’ කෙරෙහි ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ඇති කැපවීම මෙම සිදුවීම් ඔස්සේ ප්‍රශ්න කිරීමට තුඩුදුන් බව ද ස්විස් තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ දැක්විණි.

 
‘නිසි ක්‍රියාදාමය’ අනුගමනය නොකළ අවස්ථාව කුමක්දැයි නොදක්වමින් හුදු නිවේදනයක් නිකුත් කිරීම, පිළිගත් සම්මත හා න්‍යායවලින් ඕනෑවටත් වඩා හොඳින් සමන්විත ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සහ නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් වෙත කරන ලද බරපතල බලපෑමක් යැයි ද නීතිඥ සංගමය සිය නිවේදනයේ දක්වා ඇත.

මේ ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටින්නැයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින බවත් එසේ යම් ගැටලුවක් තිබේ නම් හිටිහැටියේ අපගේ නීති පද්ධතිය සහ අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කරන එකිනෙකට නොගැළපෙන ප්‍රකාශ නොකර එම ප්‍රශ්න අදාළ පාර්ශව වෙත යොමු කරන්නැයි ඉල්ලා සිටින බව ද නීතිඥ සංගමය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ. 

වගකීම් සහගත රාජ්‍යයක් වන ස්විට්සර්ලන්තය වියානා සම්මුතියේ 41 වැනි වගන්තිය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු යැයි සඳහන් කරන නීතිඥ සංගමය රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස්වලට ප්‍රතිලාභ සහ මුක්තිය හිමි වුවත් ඔවුන් රාජ්‍යයේ නීති රෙගුලාසිවලට ගෞරව කළ යුතු බව අදාළ වගන්තියේ සඳහන් යැයි ද කියයි. එමෙන්ම අදාළ රාජ්‍යයේ, මෙම සිදුවීමේදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව ද එම වගන්තියේ දැක්වෙන බව ද එම නිවේදනයේ දැක්වේ. 

වෙනත්, නිදහස් හා ස්වාධීන රාජ්‍යයක අධිකරණ පද්ධතිය සහ නීතිය බලාත්මක කිරීමේ පද්ධතිය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට පෙර එසේ කිරීමේ භූමිකාව කුමක්දැයි තේරුම් ගැනීමට ස්විට්සර්ලන්ත රජය උත්සාහයක් ගත යුතු යැයි ද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ. 

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ එම නිවේදනය සියවස් දෙකකට වැඩි කාලයක් අප අනුගමනය කළ හා ආරක්ෂා කළ අධිකරණ පද්ධතියේ මූලික හරයන් හා වටිනාකම්වලට හානි කිරීමේ අරමුණින් නිකුත් කරන ලද්දක් ලෙස අප එය දකින බවත් එබැවින් එම නිවේදනය දැඩි ලෙස හෙළි දකින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබේ. 

055



අදහස් (2)

නීතිඥ සංගමය ස්විස් නිවේදනය හෙළා දකී

kule Sunday, 05 January 2020 09:39 AM

ගලේ පහරපු බල්ලාගේ තත්වයටම ස්විස් තානාපති කාර්යාලය පත්වෙලා.

:       319       148

ගෝමිස් Sunday, 05 January 2020 03:09 PM

මේ අනන්මනන් අස්සේ අර ස්විට්සර්ලන්තයේ හිටපු LTTE කාරයින් දොළොස් දෙනා එකපාරටම ත්‍රස්තයින් නොවෙයි කියලා එළියට දැම්මේ මොන නීතිය හරියට අනුගමය කරලද කියා අහන්න ඕනේ...

:       5       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1642 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site