බිමල් ෂ්‍යාමන් ජයසිංහ
නීතිඥ ලාංජනය ප්‍රදර්ශනය කළ මෝටර් රථයකින් ඇදිරි නීතිය අවස්ථාවේදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා මත්පැන් බෝතල් 60 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු යුද හමුදා විශේෂ යතුරුපැදි ඒකකය සහ පිළියන්දල පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් තිදෙනා පිළියන්දල පුවක්ගස් හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මහරගම ,කොට්ටාව සහ නෙලුව පදිංචිකරුවන් බව පොලිසිය කියයි .
සැකකරුවන් හෙට (16) දින කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.