(නිමන්ති රණසිංහ)
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ නඩු කටයුතු සිදුවන අතරතුරදී දුරකතන සිම් කාඩ්පත් නවයක් සහිත දුම්කොළ පාර්සලයක් සැකකරුවකුට දී තිබේ. එහෙත් මෙම දුම්කොළ පාර්සලය සැකකරුට දෙන අවස්ථාවේදීම අදාළ තැනැත්තාව කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ඔක්තෝබර් 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සීනිවත්ත, අලූත්ගම පදිංචි මොහොමඩ් තාහීර් මොහොමඩ් මුහුසීන් නම් පුද්ගලයෙකි.
බේරුවල මුහුදු සීමාවේදී රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 231ක් ජාවාරම් කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු වන මොහොමඩ් රිස්වි මොහොමඩ් පර්ෂාන් නැමැත්තා වෙත තාහීර් මොහොමඩ් මුහුසීන් විසින් විවෘත අධිකරණය තුළදී දුරකතන සිම්පත් 9 ක් ඇතුළත් දුම්කොළ පාර්සලය ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජාතිය වේගෙන් දියුණු වෙන්නේ අහවල් දේකින් නෙමේ....
ඔන්න ඕකනේ කියන්නේ. උසාවිය ඇතුළෙදී කෙරෙන දෙයක් වුණාම නඩුකාර හාමුදුරුවන්ගෙන් අහන්න එපායැ මේක යාලුවට දුන්නට කමක් නැද්ද කියලා...? අපි දන්නවා යාළුවො කට්ටිය අපේ ලොකු ලොක්කොත් එක්ක එකතු වෙලා තමයි අපේ රට කන්නේ කියලා. ඒ වුණාට අඩු ගානේ උසාවියේදීවත් පොඩ්ඩක් ගරුසරු ඇතුව ඒ වැඩේ කරන්න ඕනෑ කියලයි මං කිව්වේ...
දැන් ඇතැම් මුස්ලිම් අන්තවාදීන් තමයි මේ රටේ අපරාධවලට මුල... ඇමතිගේ සිට පාරඅයිනේ කන්ද විකුණන එකා දක්වා අපරාධවලට සම්බන්ධයි.
මෙයින්ම දැනගන්න පුළුවන් වෙනවා මොවුන් නීතිය ගැන සිතන අයුරු. නිතිය තුට්ටුවකට මායිම් නොකර තම මනාපයන්හි හැසිරීම. මේ පසුපස ඉන්න කට්ටිය කවුරුන්ද ?