
(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවේ සිට කොළඹ වරායට පැමිණ නැවත සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ අද (25) පෙරවරුවේ ගිනිගැනීමකට ලක්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ලයිබීරියාවේ ලියාපදිංචි එම්.එස්.සී. හසීනා නැමැති මෙම නෞකාව කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් පමණ දුරින්ගිනිගෙන ඇති බවත් මෙම නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


(ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ ට්විටර් ගිණුමේ පළවූ ඡායාරූප)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරින් නම් ලගට ඇදලා ගමු.වන්දියක් හම්බවෙයි ඩොලර් වලින්
නැව් ගිනි ගැනිල්ලත් දැන් හරියට අර ආයුධ පෙන්වන්න එක්කන් ගියාම පොලිසියේ තුවක්කු උදුරගන්න හදලා වෙඩි කලා මැරෙනවා වගේ වෙලානේ
ඒ උනාට වන්දියක් ගන්න පුලුවන්ද කියල හොයල බලන්න . පරිසරයට මොනවා උනත් කමක් නැහැ වන්දි ලැබෙනව නං .