IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ තිබූ උණ්ඩ පොලිසියෙන් නිකුත් කළ ඒවා

(අමදෝරු අමරජිව)

තම කාර්යාලයේ තිබී සොයාගත් බව කියන උණ්ඩ තමන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින්ට හා අමාත්‍යාංශ  ආරක්ෂක නිලධාරින්ට කාත්තන්කුඩි පොලිසිය මගින් නිකුත් කළ  උණ්ඩ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මඩකලපුව, කාත්තන්කුඩි  කාර්යාලයේ තිබී උණ්ඩ 40 ක් සමඟ ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කරන දෙදෙනෙකු  අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා මෙම නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කරන්නේ  තම කාර්යාලයේ පිටුපස  කාමරය ආරක්ෂක නිලධාරීන් භාවිතා කරන එකක් බවයි.

සෝදිසි මෙහෙයුම් දියත් කරන අවස්ථාවේ තම කාර්යාලයේ සිටි දෙදෙනෙකු  පොලිස් භාරයට ගෙන ඇති බවත් සොයාගත් උණ්ඩ වලට මේ දෙදෙනාගේ  සම්බන්ධයක් නොමැති බවත් මෙම උණ්ඩ තම ආරක්ෂක නිලධාරීන්ට කාත්තන්කුඩි පොලිසිය නිකුත් කළ  උණ්ඩ බවත් කියා සිටියි.



අදහස් (11)

නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ තිබූ උණ්ඩ පොලිසියෙන් නිකුත් කළ ඒවා

silva Tuesday, 30 April 2019 02:53 PM

කලබල වෙන්න එපා.. එ් බව හමුදා පොලිසිය පොත් පත් වල සඳහන් වී ඇති පරිදි එය සොයා බලා කටයුතු කරාවි..

:       0       1

Thililina Tuesday, 30 April 2019 02:55 PM

කලින්ම ආරංචිය ආවා... ඒ පැත්තේ පොලීසියෙන් වලි කනවා කියලා මේ සිද්ධිය යට ගහන්න. සමාජ ජාලාවල මේ පිළිබඳව වාර්තාකළා.

:       0       1

Nuwan Tuesday, 30 April 2019 04:21 PM

හා

:       0       0

නෙවිල් Tuesday, 30 April 2019 04:25 PM

නාත්තන්කුඩි පොලිසිය කියන දේ බලමු.

:       0       1

Shirley Suraweera Tuesday, 30 April 2019 04:56 PM

දීකිරට බළලුත් සාක්කිලු..

:       0       1

sam Tuesday, 30 April 2019 05:09 PM

මේ ඉන්නේ උල් පන්දම්කාරයා...

:       0       0

Bamunuarachchi Tuesday, 30 April 2019 05:57 PM

ඇයි හලෝ තුවක්කුව නැතිව පතුරොම් මොන බම්බුවේ දාලා වෙඩිතියන්නද? අනික තුවක්කුව වෙනතැනක තිබෙද්දී පතොරොම් වෙන තැනක තියන්නේ අහවල් හේතුවකටද?

:       0       0

රවින් Tuesday, 30 April 2019 06:14 PM

හරි ෂෝක් ආරක්ෂක නිලධාරීන් මෙතුමාට ඉන්නේ. උණ්ඩ ටික එක තැනෙක... ආයුධ තව තැනක... පොලීසිය විසින් උණ්ඩ කීයක් ආරක්ෂකයින් හට නිකුත් කරලද? ආණ්ඩුකාර නිලනිවස හා කාර්යාලය තියෙන්නේ කාත්තන්කුඩිවලද? කවුරුන් හෝ ආණ්ඩුකාරවරයාට යම්කිසි අනතුරක් කරන්න පැමිණියහොත් ආරක්ෂක නිලධාරින් කාත්තන්කුඩිවලට ගිහින් උණ්ඩ ගෙනැල්ලා මෙතුමව ආරක්ෂා කරනවා කියලා තමයි මේ කියන්නේ...

:       0       1

මහී Tuesday, 30 April 2019 07:32 PM

ආරක්ෂකයන්ට නිකුත් කළ උණ්ඩ නම් ඇයි ඒවා අනාරක්ෂිතව තිබුණේ?

:       0       0

janis Tuesday, 30 April 2019 11:42 PM

මෙය ඇත්ත නැත්ත සොයා බැලීමට රහස් පොලිසියට බාරදෙන්න .

:       0       0

Manel Wednesday, 01 May 2019 04:12 AM

අවි ආයුධ ගබඩා කිරීම ගැන තද නීතිරීති ඇත. ආරක්ෂාවෙන් තොර කාමරයක් උණ්ඩ තබා ගැනීම ගැන ආණ්ඩුකාරවරයා වගකිව යුතුය. මෙම අවස්ථාවේදී එතුල ඔහුගේ ගෝලයන් දෙදෙනකු ගැවසීමෙන් පෙනෙන්නේ මෙම කාමරය කිසිදු ආරක්ෂාවකින් තොර බවයි. මොහුගේ ආරක්ෂක කණ්ඩායම ඉවත් කල යුතුය.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 197 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site