IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළතීර සහ ස්ථාන තහනම් කරන්න‘‘

( තිළිණි ද සිල්වා සහ යොහාන් භාසුර )

ගිනිගත් “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළ තීර සහ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කිරීමට පියවර ගත යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

නෞකාවේ ගින්න හේතුවෙන් ඇති වූ මිශ්‍ර උපද්‍රවකාරි අපද්‍රව්‍ය, කළමනාකරණය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සහ යෝජනා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන ‍වෙත යොමු කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කර තිබේ.

එම අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා ඒ පිළිබඳ දැනුමක් සහිත පුද්ගලයින් යෙදවිය යුතු අතර ඔවුන් නිසි ආරක්ෂිත උපකරණ හා ක්‍රමවේද භාවිත කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

උපද්‍රවකාරි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ කටයුතු සඳහා ඊට අදාළ බලපත්‍ර සහිත ආයතන යොදාගත යුතු බව ද එම අධිකාරිය පවසයි.

අපද්‍රව්‍ය අපහරණය ඇතුළු මේ සම්බන්ධයෙන් සිදුකරන සියලු පිරිවැය අදාළ නැව් සමාගම විසින් දැරිය යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය සිය යෝජනා මඟින් පෙන්වා දී ඇත.

 



අදහස් (0)

‘‘නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළතීර සහ ස්ථාන තහනම් කරන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site