( ඉන්දික අරුණ කුමාර)
ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි ‘රිවස්ටන් ‘ නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයින් වැඩි වීම හේතුවෙන් එම ගමන් මාර්ගයේ අද (23) උදෑසන දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.
අද (23) උදෑසන සිට පවතින මෙම දැඩි රථාහන තදබදය හේතුවෙන් සංචාරකයෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
මාතලේ සිට රත්තොට හරහා රිවස්ටන් සඳහා පිවිසෙන මාර්ගයේ කිලෝ මීටර් 7 ක් පමණ දුරට මාර්ග තදබදය පැය දෙකකට ආසන්න කාලයක් පැවතියේය.
රිවස්ටන් ප‍්‍රදේශය භාර රත්තොට පොලිසීයේ රථවාහන පොලිසියේ නිළධාරීන්ද අවස්ථා ගනණාවක දී රථ වාහන තදබදය අවම කිරීම සදහා දැඩි උත්සාහයක් ගත් බවත්,මෙම මාර්ගය ඉතා පටු මාර්ගයටක් බැවින් මාර්ගයේ දෙපැත්තෙන්ම වාහන ගමන් කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන තිබු බවත් පොලීසිය සඳහන් කළේය.
නිවාඩුව ගත කිරීම සඳහා දහස් ගණනක් වාහන රත්තොට මාර්ගය ඔස්සේ රිවස්ටන් නැරඹිම සඳහා එකවිට පැමීණිම හා ආපසු යෑම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බව රථවාහන පොලිසිය කියා සිටියේය.


2025 නොවැම්බර් මස 21
110
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නකල්ස් රක්ෂිත මාර්ගයේ වාහන තදබදයක්
ඇත්ත සත්‍යපාල Sunday, 23 December 2018 07:57 AM
මේ දිනවල ධාරානිපාත වැහි වහිනවා. කොයි මොහොතේ නායයාමක් වෙයිද දන්නේ නෑ. දරුණු කදු, බෑවුම් සහ වංගු සහිත ඉතා පටු පාරවල්. වාහන දෙකකට මාරුවෙන්න අමාරුයි. එහෙම වුනත් කිසිදු සොයා බැලීමක් නැතුව දරු පවුල් ඇදගෙන විශාල බස් වලින් සිරි නරඹන්න එනවා. ලංකාවේ මිනිස්සුන්ට ඔලුවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද කියල හිතෙනවා. නිතරම අනතුරු වෙලා පවුල් පිටින් මිය යන්නේ මේ නිසා.මේ නකල්ස් කදු බලන්න එන කාලයක් නොවෙයි.