IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


නාකොටික් මත් ජාවාරමුන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නිදහස

(නිමන්ති රණසිංහ)

මත්ද්‍රව්‍ය  ජාවාරම් කළ සැකකාර නාකොටික් නිලධාරීන්ට හෙරොයින් ඡාවාරම සඳහා ගිනි අවි සහිත ආරක්ෂාව සැපයූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වසර එකහාමාරකට ආසන්න කාලයක් එහි රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක කේ. අජිත් ප්‍රේමලාල් නැමැත්තා එම නඩුවෙන් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා  නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 29 වැනි සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි මෙම නිලධාරියා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම මත ඔහු මෙම නඩුවෙන් මුදා හරින ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

හෙරොයින් ජාවාරම සදහා සම්බන්ධ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් වසරේ අගෝස්තු මස 18 වැනිදාය. එදින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මොහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ අතර කිසිදු අවස්ථාවක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණේ නැත.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 305602 දරන නඩුවෙන් මෙම සැකකරු නිදහස් කළ අධිකරණය ඔහු එම නඩුවෙන් මුදා හැරීය.

මෙලෙස නිදහස් කළේ, ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කදවුරේ සංවිධානාත්මක අපරාධන මර්දන ඒකකයට අනියුක්තව රාජකාරි සිදුකළ කේ. අජිත් ප්‍රේමලාල් නැමැති උප පොලිස් පරීක්ෂකවරයෙකි.

 



අදහස් (1)

නාකොටික් මත් ජාවාරමුන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නිදහස

ravin Friday, 12 November 2021 10:56 AM

රැඳවුම් නියෝගෙත් නරක නැහැ නේද? වසර එකහමාරක්ම... ශුවර් එකටම කොහේහරි කොනකින් මුක්කුවක් ගහන්න ඇති... ඔත්තු හොයාගන්න.. අනිත් අයියලා දැනගත්තා කවුද කියලා... වැඩේ ගැස්සුණු ගමන්ම මාට්ටු කරලා දුන්නා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site