(රොමේෂ් මධුෂංඛ)
බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු ගිය උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ධීවරයින් 1500කට ආසන්න පිරිසකට ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බවත්, යම්කිසි ලියාපදිංචි කිරීමකට අනුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි ලෙස පියවරක් ගන්නා ලෙසත් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.
රාජ්‍ය සේවකයින්ට වෙනත් දිනයක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ලබාදෙන අයුරින් මෙම ධිවරයන්ටද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මත කරන ලෙස එම ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පැවසුවේය.
ධීවර පවුල්වල ඡන්ද ප්‍රකාශන කටයුතු පිළිබඳව කළ විමසීමකදී හර්මන් කුමාර මහතා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.
‘මේ ධීවරයින්ට වෙන රැකියාවක් නැහැනේ. තියෙන්නේ ධීවර රැකියාව විතරයි. බහුදින යාත්‍රාවලින් මුහුදු ගමන් යන අය නැවත ගෙවල් වෙතට එන්නේ සතියකට දෙකකට විතර පසුවයි. මේ අය ඡන්දය නිසා නොයා ඉන්නෙත් නැහැ. එදාට එන්නත් බැහැ. උතුරේ එතරම් බහුදින ධීවර යාත්‍රා නොතිබුණත් නැගෙනහිර ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් තිබෙනවා. දවසකට ධීවර යාත්‍රා 200 ක් ගියත් එක යාත්‍රාවක ධීවරයින් පස්දෙනෙකු ගමන් ගත්තත් එතනම 1000ක් විතරයි. මේක ඒ ධීවරයින්ට කෙරෙන ලොකු අසාධාරණයක්” යැයිද කීය.


2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්