
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ධීවර රැකියාවේ නිරතව ආපසු හලාවත ධිවර වරායට සේන්දු වීම සදහා පැමිණි බහුදින යාත්‍රාවක් හලාවත දැදුරුඔය මෝයේදී අද උදෑසන අනතුරට ලක්විමේන් ගමන් ගත් ධිවරයින්ගේ ජීවිත යාන්තමින් බේරි ඇති බව කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හේෂාන් පුතා නැමති බහුදින යාත්‍රාව බව කියයි.
මෙහි ධීවරයන් පස් දෙනකු සිට ඇති අතර යාත්‍රාව අනතුරට ලක් වීමත් සමග ධීවරයකු මුහුදට වැටී ඇති අතර ඔහු දැල් වල පැටලී සිටියදී බේරා ගැනීමට අනකුත් ධීවරයන් සමත්ව තිබේ .
පසුව පැය දහයක පමණ මෙහෙයුමකින් පසු මේ ධිවර යාත්‍රාව හා ධිවරයින් ආරක්ෂීතව බේරා ගැනිමට හලාවත ධිවරයින් සමත් වි ඇති බව කියයි.
මේ ධිවර යාත්‍රාව ඉකුත් සතියේ මුහුදු ගොස් ඇති අතර කුණාටුව හේතුවෙන් හලාවත ධිවර වරාය වෙත පැමිනේමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd