(තිළිණි ද සිල්වා සහ නිමන්ති රණසිංහ)
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂක රෝහිත ඇන්සලම් මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) ඒ මහතා මියගොස් ඇත. ඇන්සලම් මහතා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුද වේ.
ඒ මහතා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් පීඩාවට පත්වූ ධීවරයින්ට වන්දි ලබාදීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ නිලධාරියකු බව ධීවර අමාත්‍යාංශය කියයි
ධිවර ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා තොරතුරු රැස්කිරීමේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරතවී සිටි ඒ මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.