(මහින්ද නිශ්ශංක)
දුම්රිය වර්ජනය අවසන් වුවද අද පෙරවරුවේ සහ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලන කාර්යාල කියයි.
මීට අමතරව තවත් දුම්රිය කිහිපයක් ප්රමාද වී ධාවනය කෙරුණු බවද දුම්රිය පාලන කාර්යාලය පවසයි.
දුම්රිය කාර්ය මණ්ඩලය නොපැමිණීමෙන් සහ පැමිණිම ප්රමාද වීමෙන් මෙම දුම්රිය අවලංගු කිරීමට සහ ප්රමාදවීම සිදුවූ බව දුම්රිය පාලන කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මේ සේවාව අනිවාර්ය සේවයක් බවට නිවේදනය කරලා රැකියාවට වාර්තා නොකල අයව සේවාව හැර ගියා සේ සැලකුවානේ. ඒ අනුව ඒ ගොල්ලෝ හිත හදාගෙන කුලී වැඩට යනවා මගේ හිතේ .
ප්රවාහන සේවා සේවක වුර්තිය ක්රියාමාර්ග නිසා සේවා අඩාලවීම ඉතාමත්ම කණගාටුදායක සිද්දියක්. මෙම සේවකයින් සමග රජය ගිවිසුමකට ආ යුතුයි. එම ගිවිසුමේ සදහන් කාලයතුල කිසිම වෘතිය ක්රියමර්ගයකට නොඑලබිය යුතු බව සදහන්විය යුතු අතර, සෑම සේවකයෙකුගෙන්ම දිනය නොමැති ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන, වෘතිය ක්රියාමාර්ග ගන්න අවස්ථවලදී ඉල්ලා අස්වීමේ ලිපිය වලංගු කල යුතු අතර, නැවත සේවයට පැමිණිමට කැමති අය අලුතින් බදවා ගන්නවුන් සේ සළකා කටයුතු කලයුතුයි. වැඩවර්ජක්යින් මේ දෙය ගැන කලබල වියයුතු නැහැ, මොකද ඔබත් ජනතාවගේ අයෙක් බව අමතක කරන්න එපා . මමත් වැඩවර්ජක්යෙක් වශයෙන් අවුරුද්දක් ගෙදර හිටිය.
හැමදාම නිදහසට කාරණා, වර්ජනය තිබුන හින්ද අපි දැනගෙන හිටිය දුම්රිය අඩුයි කියල , නමුත් වැඩ කරණා දවස් වලත් දුම්රිය අඩුයි මේකට බලධාරීන් වග කිවයුතුය
සේවය හැර ගිය අයවලුන් කොහොමද සේවයට එන්නේ. මේ වගේ විහිලු සපයන්න හොඳ නැහැ. තීරණයක් ගත්තොත් එක ක්රියාත්මක කරන්න බැරිනම් ඵලක් නැහැ. විහිළුකාරයෝ වෙනවා. ලංකාවේ ඕනෙතරම් උගත් තරුණ තරුණියෝ රැකියා වෙළඳපොලේ ඉන්නවා. අරන් මාස 03-06 පුහුණු කරන්න. ඔය පුහු ගනන්කාරයින් පලවා හරින්න.