IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ධම්ම දිසානායක සබරගමු ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ දැනුම්දීමක් මත සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා සිය ධූරයෙන් අද(20) ඉල්ලා අස්වී ඇත.

දිසානායක මහතා අද දහවල් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබුවේය.

සබරගමු පළාත් ප්‍රධාන ලේකම් ඩී.ම්.මාලනී මහත්මිය සහ ආණ්ඩුකාර ලේකම් ප්‍රභාත් උදාකර මහතාද  එම අවස්ථාවට පැමිණ සිටියහ.

මේ වසරේ ජනවාරි මාසයේ සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයට දිසානායක මහතා පත්කෙරුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශ මතය.

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වූ ධම්ම දිසානායක මහතා සබරගමු පළාතේ 10වැනි ආණ්ඩුකාරවරයා විය. විසුරුවා හැර ඇති සබරගමු පළාත් සභාව සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කිහිපයක්ම ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
 
‘සබරගමුව ලස්සනයි’ තේමාව යටතේ සබරගමු පළාතේ විසි ලක්‍ෂයකට ආසන්න ජනතාවකගේ ආර්ථික, සමාජීය, අධ්‍යාපනික, කෘෂි කාර්මික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

මේ අතර පළාත් නවයේම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි ද දැනගන්නට ඇත.



අදහස් (9)

ධම්ම දිසානායක සබරගමු ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

හෙරත් Wednesday, 20 November 2019 08:34 AM

නව ජනාධිපතිතුමාට පැවරෙන රජකාරි අතුරින් ප්‍රධානතම රාජකාරීයක් වන්නේ පළාත් සභා විසුරුවා හැරීමයි. තව දුරටත් අපට මේ දේශපාලන ආයතනය අවශ්‍ය නොවේ.

:       2       162

දිමුත්Wednesday, 20 November 2019 10:30 AM

විසුරුවා හැරලා ඉවරයි. ඒකනේ ආණ්ඩුකාරවරු ඉන්නේ.

:       0       0

අප්පුහාමිThursday, 21 November 2019 01:12 AM

හේරත් මහතාගේ අදහස නිවැරදියි. නව ජනාධිපතිතුමාට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි බලයක් ගැනීමට හැකි වෙනවා. එනිසා එතුමාට මහා මැතිවරණය පවත්වා අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පළාත්සභා නමැති ජාතික ධනය කාබාසිනියා කරන සුදු අලි ව්‍යාපාරය අහෝසිකර සියළු ජාතීන් එකතුකර ගෙන මේ රට ආසියාවේ සංවර්ධිත රටක් බවට පත්කිරීමට හැකි වේවා. අඩුම තරමින් පළාත්සභා අවශ්‍යද නැද්ද කියා ජනමතයක් හෝ විමසන්නේ නම් සුදුසුයි.

:       0       0

සංජීව Wednesday, 20 November 2019 08:46 AM

ඔය පළාත් පාලන ආයතන නිකන් සල්ලි කන වැඩ. ඕව තිබුන කියල උතුරුපලාතේ මිනිස්සුන්ටවත් දකුණු පළාත්වල මිනිසුන්ටවත් උන සෙතක් නෑ ඒ සල්ලි ටික ඉතුරු කරලා රෝහල් පාසල් ආදිය දියුණු කරනවානම් ඒක තමා වටින්නේ.

:       0       84

RAVINDRA HALLINNAGE Wednesday, 20 November 2019 08:51 AM

පළිගැනීමක්ද?

:       105       13

රජින්ද Wednesday, 20 November 2019 09:00 AM

අලුත් ජනාධිපතිවරයෙක් පත් උනාම සෑම අංශයකම ඔහුගේම කාර්‍යය මණ්ඩලයක් පත්කර ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. අපි බලමු මෙතුමාගේ වැඩපිළිවෙල අනුව. මෙතුමාට සුදුසු වගකීම් ඉදිරියේදී පැවරේවි.

:       1       13

s.sk. senevirathna Wednesday, 20 November 2019 10:14 AM

ධම්ම සර් කියන්නේ වචනයේ පරිශ්‍රමාප්තියෙන්ම උගත් වැදගත් මහත්මා ගතියෙන් යුත් විශිෂ්ඨයෙක්. එතුමා එම තනතුරේ ගෞරවය මැනවින් ආරක්ෂා කළා. වර්තමාන ජනාධිපතිතුමාගෙන් අප අපේක්ෂා කරන, රට නිර්මාණය කර ගැනිමට මෙවන් වු උගත් වැදගත් නිහතමානී මිනිසුන්ගේ සේවය, ගරු ජනාධිපතිතුමන්ට, මේ රටට, වර්තමානයේ ඉතාම අත්‍යඅවශ්‍ය බව පවසමි.

:       3       210

Mahesh Wednesday, 20 November 2019 10:28 AM

එනවා යනවා. පව් ඉතින් මේ ජීවිත. තනතුරු පෙරේතකම නිසා වෙන දේවල් තමයි..

:       0       0

සුමිත් සෙනෙවිරත්න Wednesday, 20 November 2019 10:51 AM

ධම්ම සර් කියන්නේ උගත් වැදගත් නිහතමානී පුද්ගලයෙක්... එතුමා එම තනතුරේ ගෞරවය උපරිම ලෙස ආරක්ෂා කලා මෙන්ම මෙම කෙටි කාලය තුළ සබරගමුවට විශිෂ්ඨ සේවයක් කළා. වර්තමාන ජනාධිපති තුමාගෙන් අප බලාපොරොත්තුවන රට නිර්මාණය කර ගැනීමට, මෙවන් වැදගත්, බුද්ධිමත් විශිෂ්ඨයින්ගේ සේවය ගරු ජනාධිපතිතුමන්ට මෙන්ම රටට මේ අවස්ථාවේ ඉතාම අත්‍යාවශ්‍ය බව පවසමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1261 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site