(හර්ෂණ තුෂාර සිල්වා)
වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි බසින් රචිත ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතියේ සිංහල අනුවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (6) එළිදැක්විණි.
ශ්‍රී ලංකාවේ වාෂ්ප දුම්රිය ඉතිහාසය අලළා ඉංග්‍රීසි බසින් රචිත ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා විසිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් යන මහත්වරු මෙහිදි අදහස් දැක්වූ අතර රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් සහ සාහිත්‍යවේදී බුද්ධාස ගලප්පත්ති යන මහත්වරු ආරාධිත දෙසුම් පැවැත්වූහ.
ජාතික දුම්රිය කෞතුකාගාරයේ ප්‍රකාශනයක් ලෙස එළිදක්වන ලද මෙම කෘතියේ කතෘ අයිතිය සහ ප්‍රකාශන අයිතිය ඇතුළු සියලු අයිතීන් ජාතික දුම්රිය කෞතුකාගාරයට ලබාදෙන බවත් ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය අලෙවියෙන් ලැබෙන මුදල් ජාතික දුම්රිය කෞතුකාගාරයේ සුබසිද්ධිය උදෙසා වෙන් කරන බව ද එම කෘතියේ කතුවරයා උත්සව සභාව අමතමින් සඳහන් කළේය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පාර්ලිමේන්තු නිමල් සිරිපාල ද සිල්වා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු චතුරිකා සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප චතුර එස්. කොඩිකාර





2025 දෙසැම්බර් මස 04
159
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය එළිදකී
Nandasiri Tennakoon Wednesday, 06 March 2019 10:29 PM
සුබපැතුම් භාරත පුතේ. අපිට ලොකු ආඩම්බරයක්!