
(ෂේන් සෙනෙවිරත්න)
දළදා සමිඳුන් වන්දනා කිරීමට ගාල්ලේ සිට පැමිණි කාන්තාවකගෙ අත්බෑගයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩයක් හමුවූ බව පොලිසිය කියයි.
එම කාන්තාව දළදා මාලිගාව ප්‍රධාන වාහල්කඩින් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි සවිකොට ඇති ආරක්ෂක සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඇයගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී එම උණ්ඩය හමුව තිබේ .
එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිස් නිලධාරියකු වශයෙන් සේවය කරමින් සිට මීට වසර 05 කට පෙර මියගොස් ඇති බව කාන්තාව පොලිසියට පවසා තිබේ .
සැකකාර කාන්තාව ඊයේ (16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd