
(යොහාන් භාසුර)
සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය සහ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් එම සත්වෝද්‍යානයේ සේවකයන් අද (19) දෙවැනි දිනටත් සත්‍යග්‍රහයේ නිරතව සිටියහ.
ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමය සහ ශ්‍රී ලංකා පොදුජන සේවක සංගමයේ සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තු ශාඛාව එක්ව සිටින මෙම සත්යග්රහ දෙහිවල සත්වෝද්‍යාන ඉදිරිපිට අට්ටාලයක ක්‍රියාත්මක අතර ‘අතුරු දීමනාව 5000 අනෙක් සේවකයන්ට අකැපද?’, ‘කඩාකප්පල්කාරී අධ්යක්ෂ ජනරාල් අපිට එපා’ ආදි සටන් පාඨ සඳහන් බැනර් ද එහි දැකගත හැකිය.

COMMENTS
මේ ඉන්නේ තනිකරම හොර තක්කඩි රැලක්. කිසිම බුරුලක් දෙන්න එපා...
අයියෝ...!!! මේවත් ප්‍රශ්නද...? මේ උන්දැල කියන දෙන්නව සේවයෙන් පහකරලා ඔතන වැඩියෙන්ම කෑමොර දෙන්නෙක්ව ඒ තනතුරු දෙකට පත්කරන්නකෝ...!
මේ රට නම් පුදුමාකාර තත්වයකට පත්වෙලා. කසල ශෝධකයා (වරදවා හිතන්න එපා... එම පුද්ගලයන් ඉතා වැදගත් කාරියක් කරනවා) පවා ආයතනයේ ප්‍රධානියා තමන්ට ගැලපෙන්නේ නැතැයි කියා වර්ජන ක්‍රියාමාර්ග ගෙන කටයුතු කරනවා. එක එක රාජකාරී කරන්නන් තමන්ගේ විෂය පථය කුමක්දැයි දැන් දන්නේ නැතිබවයි පෙනෙන්නේ... ආයතනයක පහළම සේවකයාගේ සිට ඉහළම නිලධාරියා දක්වා පත්කිරීම් කිරීමට වෙනමම පිරිසක් සිටිනවා. තමන් එම තීරණවලට අකැමැති නම් උසාවි ගියා නම් හරි... ඒ මිසක් මහජන සේවා හෝ වෙනයම් සේවා කඩාකප්පල් කිරීමත් නීති විරෝධී වැඩ...
ඔය කුඩුවලින් දෙන්නෙක් අරන් පත්වීම් දුන්නානම් අහවරයිනේ...!!!
ඔය අට්ටාලේ ඇතුළට කොටියෙක් දැම්මා නම් හරි...
මේ තක්කඩින්ට බුරුල දෙන්නේ ඇයි? මේ විදිහට රටක් පාලනය කරන්න බෑනේ... මොවුන් සියලු දෙනා ගෙදර යවන් ඕන ජේ. ආර්. කළා වගේ කිසිම රජයකින් රැකියාව නොලැබෙන්න. එතකොට මේ වගේ කරන්න බලන් ඉන්න අනිත් කාලකන්නි රැළත් හැදෙයි..
ඕවා පාලකයින් ඇතිකළ ප්‍රශ්න වෙන්න පුළුවන්. පාඩු ලබනවා කිව්වාම ඉඩම විදේශිකයෙකුට හොඳ ගානකට දෙන්න පුළුවන්...
දේශපාලන උණ වැඩිවෙලා. මේ අයගේ ලොක්කෙක් උන්ගේ පෙන්දෙක් දාගන්න හිතනවා ඇති. ඉතින් මේ අය කියන ආකාරයට මේ කම්කරුවන්ගේ නායකයින් දොස්තර කරන්න උන්දැට රාජකාරි බැරි වුනොත් ඔක්කොම සේවයෙන් පහකරන්න. මේ ඔක්කොම පොදුජන සේවකයින් කියන්න වෙන්නේ දොස්තරලා මාරු කරන්න කියන තරමට මොළ කුරුවල්වෙලා තිබෙන නිසායි..
සෑම වැඩවර්ජන උද්ඝෝෂණ ප්රවෘත්ති දැක්කම ලේ කකියලා හැමදාමත් දාන අදහස අදත් මම දානවා. රාජ්‍ය අංශෙය් ඔිනම අයකුට තම ස්ථානය ෙහා් රැකියාව හෝ සම්බන්ධව කිසියම් අතෘප්තිකර තත්වයක් පවතින විට නැත්නම් ඒවැනි අතෘප්තිකර තත්වයක් තියන බව හැඟෙවන ඔිනම අවස්ථාවක ඒවැන්නන් පහසුෙවන් ඉවත් කර ඒම පුරප්පාඩුව රැකියා විරහිත සුදුස්සන්ගෙන් පත්කර ගැනීමට හැකිවන නීතිරීති සම්පාදනය කරන්න. කිසිම රාජ්‍ය සේවකයෙක් ආයතනයේ යාවජීව සාමාජිකයන් වූ විට ඔවුන් තම නිවෙස්වල හුරු පුරුදු රැකියාවටත් ආදේශ කර ගන්නවා. ඒ් නිසා ඔවුන් මහජන සේවකයන් බවට පත් කරන්න. ඒම මහජන සේවය සිදු නොවන්නේ නම් මහජන මුදලින් වැටුප් ලැබීමේ හිමිකම වහාම නැවැත්විය යුතුය. ඒක් පරම්පරාවක් ඒලෙස ඉවත් කල විට ඊලග පරම්පරාවට යහපත් පූර්වාදර්ශයක් ලැබේ. දේශපාලන හෝ නිලධාරී හෝ වේවා විධිමත් පරිදි ලද බලය පාවිච්චි නොකල විට හෑල්ලුවට පත් වන්නේ ඒම තනතුරමය. වර්තමානයේ රජයට සිදු වී ඇත්තේද ඒයයි.
අපි තවමත් ඉන්නේ සත්ව උද්‍යාන නරඹන යුගයක වීම හරිම ඛේදනීයයි
ඉල්ලීම සාධාරණ නැද්ද කියලා හොයලා බලලා විසඳුමක් දෙන්න කවුරුත් නැහැ
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය... සරලව සඳහන් කරනවා නම් ලාංකීය අප සමාජයේ වැඩිම වැඩි පිරිසක් සෑමවිටම බලන්නේ තමන්ගේ වගකීම්, යුතුකම් අමතක කර පිනටම බඩ පුරවා ගැනීමයි.. පිනටම වැඩි මුදලක් වැටුප්, දීමනා ලෙස ලබා ගැනීමයි.. මෙය රටේ සෑම අංශයකම තිබෙන අශීලාචාරම පුරුද්දක්... එයට හොඳම උදාහරණය නම් දින කීපයකට පෙර පුවත්පත් වල පළවුණු දියවන්නාව අනාථ මඩමේ මන්ද බුද්ධිකයින් 226 යේ කෑමට වැයවූ මුදල් පිළිබඳව ගැටලුවයි...