(ඩයනා උදයංගනී)

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල කඳු බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රියන්ත කොඩිප්පිලි මහතා පැවසීය.

මේ අතර අද (16) දිනයේත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයන්ට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.