IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දිස්ත්‍රික්ක 8කට ඇඳිරි නීතිය අවසන්- නැවත දහවල් 12.00ට

(සිරංගිකා ලොකුකරවිට)

කොළඹ, ගම්පහ, පුත්තල, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක 08 සඳහා පනවා තිබූ ඇඳිරිනීතිය අද (24) උදෑසන 6.00 සිට අවසන් කෙරිණි. එසේ වුව ද යළි අද (24) මධ්‍යාහන 12.00 සිට එම දිස්ත්‍රික්කයන්හි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

රජය නිවේදනය කර සිටින්නේ ඇඳිරිනීතිය ඉවත්කර ඇති කාලසීමාවේ දී ද දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් බවයි.

සෙසු දිස්ත්‍රික්කවල ඊයේ (23) දහවල් 02 සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 26 වන බ්‍රහස්පතින්දා උදෑසන 06ට ඉවත් කරන අතර එදිනම දහවල් 12 සිට නැවත ඇඳිරි නීතිය පනවනු ලබයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ගොවිතැන් කටයුතු සඳහා අවසර හිමිවන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය. එමෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ ලබාදී තිබෙන අතර කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයභාර අමාත්‍යවරයා මෙම කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බවද රජය දැනුම් දෙයි.



අදහස් (1)

දිස්ත්‍රික්ක 8කට ඇඳිරි නීතිය අවසන්- නැවත දහවල් 12.00ට

Donald Tuesday, 24 March 2020 02:15 AM

අපි උදේ හයේ ඉදලා තව කඩවල් වල පෝලිම. ඔය තීරණ ගන්න උදවියගේ ගෙවල්වලයි ෆේස්බුක් එකේ ටෝක් දෙන අයගේ ගෙවල් වල කෑම බීම ඇතිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site