IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


දිස්ත්‍රික්ක 4 කට හැර සෙසු දිස්ත්‍රික්ක වලට ශ්‍රීලනිපය පොහොට්ටුවෙන් එයි

(අජන්ත කුමාර අගලකඩ)

දිස්ත්‍රික්ක හතරකට හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (17) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

කලින් තීරණය කළ පරිදි කලුතර , නුවරඑළිය , යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක හතර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

දිස්ත්‍රික්ක කිහිපයකට අපේක්ෂකයන් ලබාදීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවට දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු එම රැස්වීමේදී පෙන්වා දී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැස්වීම අතරවාරයේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතාකර වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

කුරුණෑගල , ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙසද එහිදී ඉල්ලීමක් කර ඇත.

ඒ සම්බන්ධයෙන් සලකා බලා කඩිනමින් පිළිතුරක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහාතා එහිදී දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණ යටතේ තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙකුද , අනුරාධපුරයෙන් අපේක්ෂකයන් දෙදෙනෙකු හා ගම්පහෙන් එක් අපේක්ෂකයෙකු ද ඉදිරිපත් කිරීමට දැනට අවස්ථාව ලබාදී ඇත.



අදහස් (5)

දිස්ත්‍රික්ක 4 කට හැර සෙසු දිස්ත්‍රික්ක වලට ශ්‍රීලනිපය පොහොට්ටුවෙන් එයි

banda Tuesday, 17 March 2020 12:43 PM

මෙදාපාර පොළොන්නරුවෙන් ගෙදරම යවමු

:       0       0

banda Tuesday, 17 March 2020 12:45 PM

සිරිසේනට ගෑවුණු කිසිවෙකුට මෙදාපාර මනාප නෑ, ඔක්කොම උකුස්සෝ ගෙදර

:       0       0

siri Tuesday, 17 March 2020 12:48 PM

මේ කතා ඇහෙන කොට අන්තෝ ජටා බහිජටා කියල තමයි අපට කියන්න වෙන්නේ.

:       0       20

Arun Tuesday, 17 March 2020 12:50 PM

එකක්වත් දෙන්න එපා. ලැබෙන පලමුවෙනි අවස්ථාවේදීම පාවාදෙනවා. සත පහකට විශ්වාස කරන්න එපා

:       0       0

Darmasiri Tuesday, 17 March 2020 01:16 PM

ජනාධිපති තුමා ප්‍රමුක පොහොට්ටු පක්ෂයේ ගරු අපේක්ෂකයින්ට ජය වේවා , රට ජාතිය ගලවාගැනීමේ මෙහෙයුමට ජය වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site