IMG-LOGO

දිස්ත්‍රික්ක 10කට අධි තාක්ෂණ විශ්ව විද්‍යාල

(ඩයනා උදයංගනී)

මෙරට ජාතික විශ්ව විද්‍යාලයක් නොමැති සෑම දිස්ත්‍රික්කයකම ලබන වසර වන විට අධිතාක්‍ෂණ විශ්ව විද්‍යාල පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව දැනට විශ්ව විද්‍යාලයක් නොමැති නුවරඑළිය, කළුතර, ගාල්ල, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, මාතලේ, පුත්තලම, මන්නාරම, මුලතිව් සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ලබන වසරේදී විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට ශඛ්‍යතා අධ්‍යයන ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන් පහක ශඛ්‍යතා අධ්‍යයන මේ වන විට අවසන්ව ඇතැයි කී ඇමතිවරයා ඉතිරි පහ සඳහා වන ශක්‍යතා අධ්‍යයන ලබන මාසයේදී අවසන් කෙරෙන බව ද කීවේය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙම විශ්ව විද්‍යාල 10 ඉදිකිරීමෙන් පසු ලබන වසරේදී ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය 15 සිට 25ක් දක්වා වැඩිවන බව ද ඇමතිවරයා කීවේය.

එම විශ්ව විද්‍යාලයන්හි රැකියා වෙළඳපල ඉලක්ක කරගත් තොරතුරු තාක්‍ෂණය, ඉංජිනේරු තාක්‍ෂණය, ජෛව පද්ධති තාක්‍ෂණය හා ප්‍රදේශයේ සම්පත් අනුව පර්යේෂණාත්මක කටයුතු කිරීමේ පාඨමාලා සහිත පීඨයන් ස්ථාපිත කෙරෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 



අදහස් (16)

දිස්ත්‍රික්ක 10කට අධි තාක්ෂණ විශ්ව විද්‍යාල

Puppa Thursday, 16 July 2020 10:01 AM

ඔය කට දැන්වත් වහගෙන ඉන්න. අපිට දැන් ඕවා අහලා ඇතිවෙලා..

:       300       1014

rana Thursday, 16 July 2020 10:34 AM

ඔය අප්පලා කට ඇරියොත් මුලු රටම ඉවරයි...

:       38       307

විපරමා Thursday, 16 July 2020 10:46 AM

ආර්ථික ඔස්තාර් නම් කියයි. ඕවා කවදා කෙරෙයිද කවුද දන්නේ...? එයාගේ බයිලා අහලා අපිට ඇතිවෙලා තියෙන්නේ?

:       54       454

samantha Thursday, 16 July 2020 10:52 AM

ඇමැතිතුමනි, ඔබ ආ හැටියේම කලේ ජපුරේ හිටපු හොර ගෙඩියා විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති කළා. ඒක අපේ ජාතියටම කළ විපතක්... ඔබ සමඟ කන බොන පසුගිය යහපාලන කාලයේ යහපාලන ලොක්කන් පසුපස සිටි මෙම භූතයා ඔබ සභාපති කෙරෙව්වේ මන්ද?. ඔහු මන්ද බුද්ධියෙන් යුතු බව ඔහුගේ කළ කී දෑවලින් පෙනේ. ටයර් සංස්කෘතියේ නිර්මාණකරු වන ඔහු යටතේ ජ‘පුරේ පිහිට වූ තාක්ෂණ හා ඉංජිනේරු පීඨවලට බඳවාගෙන ඇති ආචාර්යවරුන්ගේ සුදුසුකම් බලන්න. මෙරට උසස්පෙළ සමත් නොවූ පිටරට උපාධි ඇති තම හිතවතුන් ඒ පීඨවල ආචාර්යකම් කරති. අප රටේ උසස්පෙළ සමත් විශ්ව විද්‍යාල වලින් පිටවූ ගණිත හා ඉංජිනේරු උපාධිධාරීන්ට කිසිඳු තැනක් ලැබී නැත. ඔහුද පස්ස දොරෙන් ආචාර්ය මණ්ඩලයට පැමිණි අයෙක් නිසා ඔහු හා සමාන පිරිසක් විශ්ව විද්‍යාල තුළ පදියම් කර ගොස් ඇත. ඔබ කොතරම් අධිතාක්ෂණ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බොරු කීමට පෙර මෙම ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අඩු හැකියාවන් සහිත පුද්ගලයින් බඳවා ගැනීම පිළිබඳව සොයාබලන ලෙස ඉල්ලා සිටිමු. බඳවා ගෙන සිටින පිරිසට වඩා හොඳ පිරිස් පාසල් වල සිටින ගුරුවරුන් අතරින් සොයා ගත හැකි බවද කිව යුතුයි.

:       1       474

piyalThursday, 16 July 2020 07:26 PM

විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි හදාරණ අයෙකුට පරීක්ෂකයකු සිටිනවා. ඊට අමතරව දෙවැනි පරීක්ෂකයකුත් නම් කරගත යුතු වනවා. ඉහත පුද්ගලයා පීඨාධිපති කාලයේදී, තම පීඨයේ පශ්චාත් උපාධි හදෑරූ බොහෝ අයගේ දෙවැනි සුපවයිසර් ලෙස බලෙන් පත්වූවා. එහිදී නියම සුපවයිසර්ට ලැබෙන ලකුණු ප්‍රමාණයම කිසිවක් නොකර ඔහු ලබාගත්තා. එයින් තමයි ඔය මහාචාර්යකම ලබා ගත්තේ. මේවා රටම දැනගත යුතුයි.

:       0       0

BamunuarachchiFriday, 17 July 2020 03:43 AM

රටේ තිබෙන රැකියා ප්‍රමාණයට උපාධිධාරීන් ඇති කරන්න එපා. ගහකට නැගලා පොල් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් ඉතිරි කරන්න.

:       0       0

jaya Thursday, 16 July 2020 10:53 AM

අධිතාක්ෂණ කියන්නේ රොකට් එහෙම හදනවා අැති නේද ඔය වගේ..?

:       12       306

Akila Thursday, 16 July 2020 11:33 AM

වෙන රටවල් වලින් ණය අරගෙන නම් ඕවා කරන්න එපා...

:       52       110

SENAThursday, 16 July 2020 01:31 PM

ණය නැතිව කොහොමද කොමිස් හම්බ වෙන්නේ..?

:       0       323

sharm warn Thursday, 16 July 2020 11:35 AM

මේකත් මේ හිඟාකාලා හරි කරන්න හදන වැඩක් ද දන්නේ නැහැ. ආර්ථික ඔස්තාර්ලාගේ අලුත්ම රැකියාව හිඟාකන එකනේ...

:       8       372

anuruddha Thursday, 16 July 2020 12:00 PM

මේ ටියුෂන් මාස්ටර්ගේ මොලේ අවුල්ද කොහේද? මෙයාට අවශ්‍යම දේ තමයි අලුත් බිල්ඩින් හදන එක..

:       20       336

චමින්දThursday, 16 July 2020 01:00 PM

ඇයි ක්‍රිකට් පිට්ටනි හැදීම...

:       18       217

fairoos Thursday, 16 July 2020 12:52 PM

මේවා කටින් බතල හිටවනවා වගේ තමයි පේන්නේ...

:       0       305

saman Thursday, 16 July 2020 06:11 PM

මෙය හොඳ ප්‍රවණතාවක්. මේ සමගම කළයුත්තේ මේවායින් පිටවන උපාධිධාරීන්ට තාක්ෂණ අංශයේ රැකියා උත්පාදනය කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීමයි.

:       0       1

මුණසිංහ Friday, 17 July 2020 02:05 AM

මේක වටිනා අදහසක්. රටේ, ලෝකයේ අවශ්‍යතාවන්ට ගැලපෙන වෘත්තීය මට්ටමේ සහතික පිරිනැමෙන නව පාඨමාලා අවශ්‍යයි. පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඒ දේ කරනවා. රාජ්‍ය විශ්ව විද්‍යාල තවමත් සාම්ප්‍රදායික පාඨමාලා පවත්වනවා. ඒවාට රැකියා වෙළඳපොලේ ඉල්ලුමක් නැහැ. මා අසා ඇති ආකාරයට මේවාට බඳවා ගැනීමට යෝජනාකරලා තියෙන්නේ අදාල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පමණයි. ඒකත් නරක නැහැ. දැනට පාසල්වල සහ විශ්ව විද්‍යාලවල අළුතින් අරඹා ඇති තාක්ෂණ පාඨමාලාත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන ඉහළ ඉල්ලුමක් ඇති පාඨමාලා බවට පත්වී තිබෙනවා.

:       0       1

Bamunuarachchi Friday, 17 July 2020 03:40 AM

රටට වැඩක් නැති ක්‍රීඩාංගණ හදන්නේ නැතිව ඔයවගේ වැඩක් වත් කරන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් එපා කියන ක්‍රීඩාංගණ ඔහෙට මොකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site