
(ඩයනා උදයංගනී)
මෙරට ජාතික විශ්ව විද්‍යාලයක් නොමැති සෑම දිස්ත්‍රික්කයකම ලබන වසර වන විට අධිතාක්‍ෂණ විශ්ව විද්‍යාල පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව දැනට විශ්ව විද්‍යාලයක් නොමැති නුවරඑළිය, කළුතර, ගාල්ල, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, මාතලේ, පුත්තලම, මන්නාරම, මුලතිව් සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ලබන වසරේදී විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට ශඛ්‍යතා අධ්‍යයන ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන් පහක ශඛ්‍යතා අධ්‍යයන මේ වන විට අවසන්ව ඇතැයි කී ඇමතිවරයා ඉතිරි පහ සඳහා වන ශක්‍යතා අධ්‍යයන ලබන මාසයේදී අවසන් කෙරෙන බව ද කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මෙම විශ්ව විද්‍යාල 10 ඉදිකිරීමෙන් පසු ලබන වසරේදී ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය 15 සිට 25ක් දක්වා වැඩිවන බව ද ඇමතිවරයා කීවේය.
එම විශ්ව විද්‍යාලයන්හි රැකියා වෙළඳපල ඉලක්ක කරගත් තොරතුරු තාක්‍ෂණය, ඉංජිනේරු තාක්‍ෂණය, ජෛව පද්ධති තාක්‍ෂණය හා ප්‍රදේශයේ සම්පත් අනුව පර්යේෂණාත්මක කටයුතු කිරීමේ පාඨමාලා සහිත පීඨයන් ස්ථාපිත කෙරෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට දැන්වත් වහගෙන ඉන්න. අපිට දැන් ඕවා අහලා ඇතිවෙලා..
ඔය අප්පලා කට ඇරියොත් මුලු රටම ඉවරයි...
ආර්ථික ඔස්තාර් නම් කියයි. ඕවා කවදා කෙරෙයිද කවුද දන්නේ...? එයාගේ බයිලා අහලා අපිට ඇතිවෙලා තියෙන්නේ?
ඇමැතිතුමනි, ඔබ ආ හැටියේම කලේ ජපුරේ හිටපු හොර ගෙඩියා විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති කළා. ඒක අපේ ජාතියටම කළ විපතක්... ඔබ සමඟ කන බොන පසුගිය යහපාලන කාලයේ යහපාලන ලොක්කන් පසුපස සිටි මෙම භූතයා ඔබ සභාපති කෙරෙව්වේ මන්ද?. ඔහු මන්ද බුද්ධියෙන් යුතු බව ඔහුගේ කළ කී දෑවලින් පෙනේ. ටයර් සංස්කෘතියේ නිර්මාණකරු වන ඔහු යටතේ ජ‘පුරේ පිහිට වූ තාක්ෂණ හා ඉංජිනේරු පීඨවලට බඳවාගෙන ඇති ආචාර්යවරුන්ගේ සුදුසුකම් බලන්න. මෙරට උසස්පෙළ සමත් නොවූ පිටරට උපාධි ඇති තම හිතවතුන් ඒ පීඨවල ආචාර්යකම් කරති. අප රටේ උසස්පෙළ සමත් විශ්ව විද්‍යාල වලින් පිටවූ ගණිත හා ඉංජිනේරු උපාධිධාරීන්ට කිසිඳු තැනක් ලැබී නැත. ඔහුද පස්ස දොරෙන් ආචාර්ය මණ්ඩලයට පැමිණි අයෙක් නිසා ඔහු හා සමාන පිරිසක් විශ්ව විද්‍යාල තුළ පදියම් කර ගොස් ඇත. ඔබ කොතරම් අධිතාක්ෂණ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බොරු කීමට පෙර මෙම ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අඩු හැකියාවන් සහිත පුද්ගලයින් බඳවා ගැනීම පිළිබඳව සොයාබලන ලෙස ඉල්ලා සිටිමු. බඳවා ගෙන සිටින පිරිසට වඩා හොඳ පිරිස් පාසල් වල සිටින ගුරුවරුන් අතරින් සොයා ගත හැකි බවද කිව යුතුයි.
අධිතාක්ෂණ කියන්නේ රොකට් එහෙම හදනවා අැති නේද ඔය වගේ..?
වෙන රටවල් වලින් ණය අරගෙන නම් ඕවා කරන්න එපා...
මේකත් මේ හිඟාකාලා හරි කරන්න හදන වැඩක් ද දන්නේ නැහැ. ආර්ථික ඔස්තාර්ලාගේ අලුත්ම රැකියාව හිඟාකන එකනේ...
මේ ටියුෂන් මාස්ටර්ගේ මොලේ අවුල්ද කොහේද? මෙයාට අවශ්‍යම දේ තමයි අලුත් බිල්ඩින් හදන එක..
මේවා කටින් බතල හිටවනවා වගේ තමයි පේන්නේ...
මෙය හොඳ ප්‍රවණතාවක්. මේ සමගම කළයුත්තේ මේවායින් පිටවන උපාධිධාරීන්ට තාක්ෂණ අංශයේ රැකියා උත්පාදනය කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීමයි.
මේක වටිනා අදහසක්. රටේ, ලෝකයේ අවශ්‍යතාවන්ට ගැලපෙන වෘත්තීය මට්ටමේ සහතික පිරිනැමෙන නව පාඨමාලා අවශ්‍යයි. පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඒ දේ කරනවා. රාජ්‍ය විශ්ව විද්‍යාල තවමත් සාම්ප්‍රදායික පාඨමාලා පවත්වනවා. ඒවාට රැකියා වෙළඳපොලේ ඉල්ලුමක් නැහැ. මා අසා ඇති ආකාරයට මේවාට බඳවා ගැනීමට යෝජනාකරලා තියෙන්නේ අදාල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පමණයි. ඒකත් නරක නැහැ. දැනට පාසල්වල සහ විශ්ව විද්‍යාලවල අළුතින් අරඹා ඇති තාක්ෂණ පාඨමාලාත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන ඉහළ ඉල්ලුමක් ඇති පාඨමාලා බවට පත්වී තිබෙනවා.
රටට වැඩක් නැති ක්‍රීඩාංගණ හදන්නේ නැතිව ඔයවගේ වැඩක් වත් කරන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් එපා කියන ක්‍රීඩාංගණ ඔහෙට මොකටද?