(නිමන්ති රණසිංහ)
දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම සේවා වසම් හයක් අද අලුයම සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් වසමේ උයන් වත්ත 417 ජී, උයන් වත්ත 417 ඩී, යන ග්‍රාම නිළධාරි කොට්ඨාශ, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පොලිස් වසමේ උඩහපුවිද ඊ 367 ග්‍රාම නිලධාරී කොට්ඨාශය, මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව පොලිස් වසමේ වල්ගම්පාය ග්‍රාම නිලධාරී වසමේ තිබ්බටුගම, වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම, පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැද කිරිමැටියාන 466 ඒ, යන ග්‍රාම නිලධාරී කොට්ඨාස එලෙස හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්කැටේ පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාම නිලධාරී කොට්ඨාශය අද උදෑසන සිට හුදකලා බවින් මුදා හළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.