(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
දේශීය චිත්‍රපට නිෂ්පාදනය සඳහා බදු සහන ලබාදීමට කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(06) පැවසීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනෙක ස්ථාවර නියෝග 27/2 යටතේ අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
චිත්‍රපට නිෂ්පාදනය සඳහා නව තාක්ෂණ උපකරණ ගෙන්වීමට බදු සහන ලබාදෙන බව කී ඇමතිවරයා ‘ඊ - ටිකටින්’ ක්‍රමය සිනමා ශාලා සඳහා හඳුන්වාදීමට පියවර ගන්නා බවද කීය.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශීය චිත්‍රපට නිෂ්පාදනයට බදු සහන
ravi Wednesday, 06 March 2019 12:37 PM
ඔව්.. එහෙම හරි කරලා බලන්න. එ්ත් චිත්‍රපටයක් කියන්න හැකිතරම් චිත්‍රපට මේ කාලයේ නිෂ්පාදනය වෙන්නේ නැහැ.. ඊට හේතුව පිරිමින්ට (නළුවන්ට) පුළුවන්.. අයි.ආර්.සී. කාරයෙක් හැටියට රඟපාන්න පමණයි ..!!! කාන්තාවන්ට (නිළියන්ට) පුළුවන් අඬන්න විතරයි .
Bamunuarachchi Wednesday, 06 March 2019 01:21 PM
ඉස්සර වගේ හොඳ ඉංග්‍රීසි චිත්‍ර පටි ටිකක් ගෙන්වන්න. ගෙන්නුවත් කොහේ පෙන්වන්නද කව්රු බලන්නද නේද? ඉස්සරනම් පාසල් ඇරුණ ගමන් පොත් මිටියත් අරගෙන ඔලිම්පියා එකට හෝ ටවර් හෝල් එකට දිව්වා.
chandima Wednesday, 06 March 2019 01:22 PM
ඇමති තුමා, ඔය ගමන්ම අර කුකුල් කුඩු වගේ ගෙවල් හදලා අඩි 5 x 50 විතර ඉඩම් කෑලි කෑලි දීලා එව්වගේ එක වැසිකිලියකුයි එක ලින්දකුයි හදපු දවසට මිනිස්සුන්ට අසුචි මිශ්‍ර වතුර පොවලා නැති ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව, නිවාස තනා කුලියට දෙන්නන්ට සහ නව නිවාස ඉන්දිකරන්නන්ට ඔයවගේ බදු සහන සහ නිසි කුලී නිවාස, බදු නිවාස නීති පද්දතියක් ඇති කලානම් රටේ නිවාස ප්‍රශ්නේ අවුරුදු කිහිපයකින්ම නැතිවෙලා යනවා. අන්න එදාට මිනිස්සු සතුටින් ගිහින් ඔය චිත්‍රපට බලයි.
de silva berlin Wednesday, 06 March 2019 01:30 PM
ච්ත්‍රපටි කර්මාන්තෙ දියුණුකරන්න නම් ච්ත්‍රපටි හැදුවට පස්සේ එක ප්‍රදර්ශනය කරන්න අවරුදු ගණන පෝලිමේ ම ඉන්න ඕනේ , එහෙම නැතුව යුරෝපයේ කෙරෙන විදිහට මාසෙන් දෙකෙන් ඒක පෙන්වන්න කටයුතු කරන්න , සිනමා ශාලාවල , මාස ගණන එක දිගට එකම ච්ත්‍රපටය පෙන්වන එක නතර කරන්න එක ච්ත්‍රපටයක් එක සිනමා ශාලාවක සතියක් දිවුවහම හොඳටම ඇති .එකම චිත්‍රපටය බලන්න මිනිස්සු හැමදාම සිනමා ශාලාවට යන්නේ නැත . එම නිසා ලංකාවේ සිනමා ශාලාවල චිත්‍රපටි ප්‍රදර්ශනය කරනවිට ශාලාව 50% වැඩියෙන් හිස් .
sirimal Wednesday, 06 March 2019 01:48 PM
තාත්තාට තිබුණු "හැම දවසකම හැම මාධ්‍යකම තමන්ගේ පින්තූරේ ගියේ නැත්නම් හිතේ අමාරු හැදෙන ලෙඩේ" ඔබතුමාටත් බෝවෙලා බව පෙනෙන නිසයි මේ අහන්නේ. සිනමා ශාලාවල චිත්‍රපට පෙන්වන්න කලින් ඔබතුමා ගැන මොනවා හරි පෙන්වන්න කියලා නීතියකුත් දාන්න එහෙම බලාපොරොත්තුවක් නැද්ද?
de silva berlin Wednesday, 06 March 2019 03:06 PM
සිරිමල් මහත්මය මෙතුමාගේ පියාට බලයේ ඉන්නකොට මමත් බැන්නා. නමුත් දැන් ඉන්න මනුස්සය කටක් ඇරියොත් කරන්නේ එළුවෙක් වගේ බැහැ බැහැ ගාණ එකයි. ප්‍රේමදාස මහත්මයා උදේ 4 වෙනකොට නැගිටලා වැඩ පටන්ගන්නවා. දුන්න මැතිවරණ පොරොන්දු කොහොම හරි ඉටු කරන්න උත්සාහ කළා. කර්මාන්ත ඇතිකළා. අමතක කරන්න එපා එ් මනුස්සයට සටන් කරන්න යුද්ධ 2ක් තිබුණා. එතුමා කුඩුකාරයෝ එල්ලනවා කියල කිව්වා නම් එල්ලුවා. ජවිපෙ කැරැල්ල මර්ධනය කරනවා කියලා කිව්වා නම් හොඳින් හෝ නරකින් එය කළා. ඉන්දියන් හමුදාව යවනවා කිව්වා නම් එ්ක කලා. එතුමා කුඩු කාරයෝ එල්ලනවා කියල කිව්වා නම් අනිවාර්යයෙන්ම එ්ක කරනවා. රජයේ නිලධාරී වැඩ කරන්නේ නැත්නම්, වේදිකාවල අවලාද කියකිය ඉන්නේ නැතුව, එකවර රජයේ ආයතන තුළට කඩපැනලා සොයලා බැලුවා. බැරි මිනිස්සු එලවලා දැම්මා...
sirimalWednesday, 06 March 2019 04:21 PM
ඒ ඉතින් ඒ මහත්තයනේ. මම කතා කරන්නේ එතුමගේ සියලු ගුණයන් අතරින් මෙතුමාට බෝවෙලා තියෙන දෙයක් ගැනනේ... ප්‍රේමදාස මහත්තයා මහන්සිවෙලා වැඩ කරන එක ගැන ප්‍රසිද්ධයි. රාත්‍රී 12ට නින්දට ගිහින් 1 වෙනකොට එතුමාගේ පෞද්ගලික ලේකම්වරයාට කතාකරලා මොනවා හරි මතකයට ආ ප්‍රශ්නයක් ගැන අහනවා කියලත් අපිට දැනගන්නට ලැබුණා. මොනවා හරි වැඩක් කරන්න හිතුනොත් කිසි ප්‍රශ්නයක් නැතුව අවශ්‍ය වැඩේ කරන්න එතුමාට හැකියාව තිබුණා කියලත් මම අහලා තියෙනවා. නමුත් එතුමා ඇහිල්ලක් බැහිල්ලක් නැතුව කටයුතු කරපු නිසා නේද කොටි සංවිධානයට ඔවුන්ගේ කෙනෙක් එතුමගේ ඔඩොක්කුවට දාන්න පුළුවන් වුනේ?
chandima Wednesday, 06 March 2019 04:16 PM
එක්කෙනෙක් නම් අච්චු ගහන පොත්වලට මුල් පිටුවට එයාගේ මුහුණ දැම්මා. ඔබතුමාටත් නරකද චිත්‍රපටිවලට ඉස්සරලාම මුහුණ පෙන්නන්න දාගත්තා නම්? ඕනෑම නම් මල් වට්ටියකුත් අතින් අරන්...
nali Wednesday, 06 March 2019 07:50 PM
නව තාක්ෂණය යනු සිනමාවේ රූප හා වර්ණ ප්‍රාතිහාර්යන් පාන්නට උපයෝගී කරගත හැකි මෙවලම් පමණයි. බිහිවිය යුත්තේ කලාත්මක නිර්මාණයි. සත්‍යජිත් රායිල , අකිනොකුරසවොල , රෝමන් පොලන්ස්කිල වගේම අපේ ලෙස්ටර් ශූරීන් පවා ලෝකයේ සම්මානනීය සිනමා කෘති ලෝක සිනමාවට දායාද කලේ ඔය බදු සහන හෝ නව තාක්ෂණ තිබිලා නොවේ. ඔහුන් ඒ ජාත්ත්‍යන්තර සම්මාන ලැබුවේ වර්ණයවත් නැති කළු සුදු සිනමා පටවලින්. අපේ විශිෂ්ට කැමරා ශිල්පීන්ට ක්‍රෙන් ෂොට් ගන්නට සිදු වුනේ පුවක් ගස් දෙකක් බැඳලා. ඒ කැමරා ශිල්පියොත් උසස් සම්මාන ලැබුවා. අද සියලුම කලා නිර්මාණයන්ට අවශ්‍ය වන්නේ දුෂිත දෙසපාලනයෙන් තොර යහපත් පාලන තන්ත්‍රයක්. අද සමහර කලාකාරයොත් දේසපාලකයන්ට ප්‍රශස්ති ගායන කරන තැනට පත්ව සිටීමත් කලාවේ අභාග්‍යක්. මෙම පසුබිම මත නිවහල් කලාකරුවන් පිරිසක්ද සිටින බව ඔවුනට කෙරෙන ප්‍රණාමයෙන් යුතුව සිහිපත් කල යුතුයි.
බද්රානි Wednesday, 06 March 2019 07:50 PM
අනේ අපට නම් මොකටද, අලුතින් චිත්‍රපටිද? මේ බලන නාඩගම් ටික හොඳටම ඇති? ඔය කොයි කාගේත් කතාව ලොකු වුනාට ක්‍රියාව නම් බයිස්කෝප් තමයි.