(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විවිධ ආයතනවලින් රුපියල් කෝටි දහ දහස් පන්සියයකට (10500 ) කට වැඩි හිඟ බදු මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා ) පවසයි .
මෙම හිඟ බදු මුදල සම්බන්ධයෙන් වාර්තාවක් මාස 2ත් 5ත් අතර කාලයේදී ලබා දෙන්නැයි එම කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය .
හිඟ බදු මුදල් අය කර ගැනීමට අදාළව අධිකරණවල පවතින නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කාරක සභාව මීට පෙර දැනුම් දී තිබූ අතර එහි ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණ .
ලෙජසි පද්ධතියට අනුව 2021.3.30 වැනිදාට හඳුනාගත් ආයතනවලට අදාළ හිඟ බදු මුදල රුපියල් කෝටි 1800ක්ද රමිස් පද්ධතියට අනුව 2021.3.31 දිනට හඳුනාගත් ආයතන වලට අදාල හිඟ බදු මුදල රුපියල් කෝටි 8700ක්ද වශයෙන් විගණන වාර්තාවේ දැක්වෙන බව එම කමිටුවේ නිලධාරීහු පවසති.
ලෙජසි පද්ධතියට අදාළව අයකරගත යුතු සියලු හිඟ මුදල් කඩිනමින් අය කරගෙන එම පද්ධතියේ කටයුතු අවසන් කිරීමට ක්‍රියා කරන්නැයි ද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විවිධ ආයතනවලින් රුපියල් කෝටි දහ දහස් පන්සියයකට (10500 ) කට වැඩි හිඟ බදු මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා ) පවසයි ." වරාය නගරයට යමු. එතකොට ඔය කෝප් කෝපා වලට කොකා හා හා
තෝරු, මෝරුද? හාල් මැස්සොද මේ අල්ලන්න යන්නේ?
මේක පොඩි මිනිහාම සූරාකන රටක් වෙලා...