(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (10) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් මෙම වැසි ඇතිවන බවත්, එම පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ඇතුළු වේ යැයි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි