තම ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට්ලෙපර්ඩ්’ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම කාලය කැප කරන බව ද ප්‍රේමදාස මහතා නිකුත් කළ ටිව්ටර් පණිවුඩයේ දැක්වේ.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඡන්ද 5,564,239ක් ලබාගනිමින් දෙවැනි තැනට පත්විය.
055


COMMENTS
අලි ආරක්ෂා කරන්නේ නැද්ද එතකොට...?
එතකොට වල් අලි?
එහෙම කරන්නේ එයාලගෙන් විතරක් බරට ඡන්දෙ ලැබුණු නිසාද?
හත් ඉලව්වේ... එතකොට හරීන් කියපු සේරම වතුරෙනේ. එයා බලාගෙන ඉන්නේ රනිල්ව යවලා අලුත් පක්ෂයක් හදන්නනේ. දිවියන්ට ඡන්දෙ තියෙනවයැ...
මෙතුමා ගැන බලාපොරොත්තු තබපු ලක්ෂ 55ක් ආරක්ෂාව ගැන උඩ බලාගෙන සිටියි.
ඕකත් දැන් හරවලා ගහයි "මෙන්න මෙන්න කොටි රකින්න හදනවෝ" කියලා.
කොටිනේ ඉතින් ඡන්දෙ දීලා තියෙන්නේ...
ඔව් ඉතින්, කොටියන්ගේ සහ නරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීහිටින්න හැදුව, කෝ හරිගියේ නෑනෙ.
රට කොටියට කැපකරන්න ගිහින් බැරිවුන පාර දැන් ඉතුරු කාලේ දිවියට කැප කරන්නද හදන්නේ. කරන්න ගිය ප්‍රොජෙක්ට් එකට වඩා ඔය කරන්න හදන ප්‍රොජෙක්ට් එක අගයකරනවා. ඔබතුමාට ගැලපෙන්නේ ඔය වගේ වැඩක් තමයි.
හරිම ආදර්ශමත්. දිවියෝ කෙසේවෙතත් කොටින්ගෙන් ප්‍රවේශම් වෙන්ඩ වගබලා ගත්තොත් හොඳයි අනාගතයට
ඇත්තටම ඒක එතුමාගෙ කැමැත්ත නම් අපිට මොනවත් කියන්න බෑ.හැබැයි ඔහුට වගකීමක් තිබිය යුතුයි ඔහුව විශ්වාස කර ඔහු වෙත ඡන්දය ලබාදුන් ඡන්ද දායකයින් වෙනුවෙන්...කොහොමත් ඔහු වනජීවී ඡායාරූපකරණයට සහ පරිසරයට ඇල්මක් දක්වන්නෙක් සහ දැනුමක් ඇති අයෙක්.අලි ඇතුන් සහ මෙරට වන උයන් ගැන මනා දැනුමක් ඇති අයෙක්..... නමට පමණක් සීමා නොවී ප්‍රේමදාස දර්ශණය හදවතින්ම ක්‍රියාත්මක කලා නම් මේ පරාජය ජයග්‍රහණයකින් අවසන් වීමට ඉඩ තිබුනා.
ඒක හොඳ අදහසක් මොකද ඡන්දේ දුන්නු කට්ටියට කළගුණ සලකන්න ඕන තමයි.
අගය කල යුතුයි. තමන් සමග සිටි දෙපා සතුන් ආරක්ෂා කරනාවාට වඩා. මෙවන් වු ක්‍රියාවක් ඇරබීම පිලිබදව.
අගය කල යුතු කටයුත්තක් ඔබට ලංකාවේ දේශපාලනය තුල ඉදිරිගමනක් අවශ්‍ය නම් අවංකවම ඔය කුණු කන්දල් වලින් අයින් වෙලා පෙහොට්ටුවට එකතුවන්න .එවිට නුදුරු දිනක ඔබට රටේ නායකයා විය හැක
හොද තීරණයක් ඔබතුමා තව කොච්චර කාලයක් හිටියත් බැහැ ලංකාවේ ජාතික මට්ටමේ දේශපාලන නායකයෙක් වෙන්න
දැන් අලි ටික ඉවරයිනේ...
එතකොට අලියට හුලංද?
අලි වෙනුවෙන් ඉදිරියටම කැප වුනොත්
අයියෝ එතකොට අලි ??
මිනිස්සුන් ට කරන සේවයෙන් පලක් නැත. තිස්සමහාරාමය ඡන්ද ප්‍රතිඵලයෙන් තහවුරු වේ.
දිවියද? කොටියද?
ඇයි ප්‍රේමදාස මහත්තයෝ ,අලින්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ජිවිතය කැප කරන්නේ නැතුව දිවියන් වෙනුවෙන් කාලය කැප කරන්නේ. ඔබතුමාගෙ තාත්තා උණත් ජිවිත හිමියෙන් ආරක්ෂා කරගත්ත අලියව අත හැරලා දිවියන් ආරක්ෂා කරන්න හදන්නේ මටනම් හිතන්නේ ඔබතුමා එන්න හදන්නේ වෙන මොකක් හරි වෙනත් වැඩකට කියලා.
වැරදි හදාගෙන ඉදිරියට යන්න. දිවියන්ට විතරක් නොවේ සතුන් හැමදෙනාම ආරක්ෂා කරගන්න ඕන. ස්වභාවික පරිසරයත් සමගම.
ඔන්න කොන්දක් තියෙන, දැක්මක් තියෙන නායකයෙක්, ඡන්දයෙන් පැරදුන විතරයි වන වදින්න සියල්ල සුදානම් දිවියන් වගේම ලංකාවේ අලි සම්පතත් රැක ගන්න වැඩපිලිවෙලක් යොදන්න බලන්න.
මම ඔබගේ පාක්ෂිකයෙක් නොවෙමි. ඒ වගේම ගෝඨාභය පක්ෂිකයෙක්ද නොවෙමි. නමුත් අවසාන දින කිහිපයේ සිට ඔබ ජයග්‍රහණය කරාවි යන මතයක් මගේ සිතේ ගොඩනැගුනා. මම කොයිතරම් වැරදිද කියනවානම් මගේ මිතුරන් හා කිවේ සජිත් හම්බන්තොටින් නම් " ඉහලින්ම" දිනනවා මිනිහා පුදුම වැඩ ගොඩක් එහෙ කලේ" කියයි. නමුත්... කළගුණ නොදත් නොමිනිසුන් විසින් ඔබතුමාව පරාජයකලා.
කකුල් දෙකේ කොටියන්ගේ ආරක්ෂාව නවත්වල කකුල් හතරේ දිවියෝ ආරක්ෂා කරන්න ගිය එක හොදා!
එක හරි උන් ඔබව බලා ගත්ත දැන් ඔබ උන්ව බලා ගන්න.
දිවියන්ටත් අබසරණයි.
මට මතක් වෙන්නේ දෙකේ පන්තියේ ළමයෙක්.
දිවියන් ආරක්ෂා කරාට කමක් නැහැ. අර ඉස්සර වගේ...
දිවියන් කියන්නේ ලංකාවේ ඉන්න කොටි නේද?
හා හා බමුණු ඒකත් ඇත්ත
අනේ මහත්තයෝ පුලුවන්නම් දිවියන් රකින්ට කලින්, වල් අලින්ගෙන් බැට කන දුප්පත් හේන් ගොවියන් ටික රැකලා දෙන්ට.
දිවියා කියන්නේ වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින වන සිවුපාවෙක්. හඳුන් දිවියා, කොළ දිවියා, වල් බළලා මේ සත්තු ආරක්ෂා කර ගැනීම වැදගත්. පසුගිය කාලේ හැටන් පැත්තේ තේ වත්තකදිත් දිවියෙක්ව වට කරගෙන ගහල මැරුව සිද්ධියක් වාර්තා උනා. ඔබතුමාගේ වෑයම ඉතා හොඳ දෙයක්. දේශපාලන වශයෙන් නම් ඔබතුමාගේ පක්ෂේ ඇතුලේ ඉන්න දිවියන්ව ආරක්ෂා කරන්න යන්න එපා. එය ඔබතුමාගේ ආරක්ෂාවට හොඳ මදි වගේ.
අම්මෝ ..99 බේරුනේ ..තව පොඩ්ඩෙන් කොටින් වෙනුවෙනුත් අපේ ජීවිතත් කැප වෙන්න ඉඩ තිබ්බා......
මහත්තයෝ ඔබගේ දිවි සුරැකිල්ල ගැනනම් කතාකරලා වැඩක් නෑ.අවුරුදු 5ට යාල විනාසම කරා.යාලෙ නිදන් ටික හෑරුව.තවදුරටත් මිනිස්සු මුලා කරන්න හදන්න එපා.ඔබ යාලෙ ඇතුලේ කරේ මොනවද කියලා දන්නමිනිස්සුනම් දන්නවා ඒ අවට ඉන්න.
ඔව්, තමන්ට කරන්න බැරි දේවල් බදාගෙන දඟලනාවට වඩා පුළුවන් හොඳ දෙයක් කරන එක ගැළපෙනවා .
අන්තිමේදී දිවියා ලකුණින් ඊලග ඡන්දෙට ඉදිරිපත් වෙයි . බලමුකෝ ජිවත් වෙලා හිටියොත්.............
ඉදිරි කාලය දිවියන් වෙනුවෙන් කැපකරන්න නිසාද නියෝජ්‍ය නායකකම අත්හැරියේ. පස්සෙන් එල්ලිලා ආපු අයට අල්ලපු අත්තත් නැහැ පයගහගෙන හිටිය අත්තත් නැහැ. අන්තිමට වැලේවැල් නැතිවුනා.