
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සදහා අද(23) පැවැත්වීමට තිබු නිලවරණය හදිසියේ කල් දමා තිබේ.
මෙම නිලවරණය සෞඛ්‍ය හේතූන් මත යයි පවසා හදිසියේ අවලංගු කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරුන් පිරිසක් සිය අප්‍රසාදය පල කර සිටියහ.
විශේෂයෙන්ම අද (23) උදෑසන 9.00 ට මාතර නූපේ සණස ශාලාවේ දී එම නිලවරණය පැවැත්වීම සදහා සියලු කටයුතු සූදානම් කර තිබිණ.
මෙවර එකම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු අපේක්ෂකයින් කිහිප දෙනෙකුම එම නිලවරණයට තරග වැදීමට තීරණය කර තිබු නිසා මුල සිටම දැඩි උණුසුමක් පැවැතියේය.
කෙසේ වෙතත් ඊයේ (22) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් රටේ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ එවැනි නිලවරණයක් පැවැත්වීමට අනුමැතිය ලබා දිය නොහැකි බවට ප්‍රකාශ කිරීම නිසා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියවසම් මහතා විසින් එම නිලවරණය පැවැත්වීම කල් දැමීමට තීරණය කලේය.
ඒ බව මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක මහතා මාර්ගයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට දැනුම් දෙන ලෙසද ලිඛිතව දන්වන ලදි.
කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානමින් අදාල ශාලාව ඉදිරිපිටට පැමිණ සිටියද එම රැස්වීම් ශාලාව වසා දමා නිලවරණය කල් දමා ඇති බවට දැන්වීමක් අලවා තිබුණි.
ඔවුන් ප්‍රකාශ කලේ මෙය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි. කෙසේ වෙතත් පැය කිහිපයකට පසු ග්‍රාම නිලධාරීවරුන් එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

2025 දෙසැම්බර් මස 04
407
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
448
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙවිනුවර නිලවරණය හදීසියේ කල් දමයි