IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘‘දිල්රුක්ෂි ඩයස් යළි සේවයේ පිහිටුවන්නැයි දුන් නියෝගයට පියවරක් ගන්න‘‘

(නිමන්ති රණසිංහ)

වැඩ තහනමට ලක්වූ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම යාමේ දිනයට පෙර යළිත් සේවයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය සභාවෙන් දෙන ලද නියෝගය පිළිබඳව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් නීතිපති සංජය රාජරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කරනු ලැබ තිබේ.

හිටපු සොලිසිටර් ජෙනරාල්වරිය නිර්දෝෂී බවට පරිපාලන අභියාචනා විනිශ්ච සභාව විසින් නිගමනය කරනු ලැබ ඇති අතර ව්‍යවස්ථාපිත විනිශ්චය සභාවක් ලෙස එහි තීරණයට ගරු කිරීම ව්‍යවස්ථාමය වගකීමක් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපියෙන් පෙන්වා දී ඇත.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ සාකච්ඡාවක හඬපටයක් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීමෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ගේ වැඩ තහනම් විය.

මෙම ආන්දෝලනාත්මක දුරකථන සාකච්ඡා හඬ පටය අවස්ථා ගණනාවකදී සංස්කරණය කර විකෘති කළ එකක් බවට මොරටුව විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයන් ගෙන් සමන්විත විමර්ශකයන් කණ්ඩායමකගේ වාර්තා වලින් තහවුරු වී තිබූ අතර රජයේ රස පරීක්ෂකවරයා ද වාර්තාවක් මගින් ඒ බව තහවුරු කර තිබිණි.

මෙම කරුණු හේතුවෙන් පරිපාලන අභියාචන විනිශ්චය සභාව වික්‍රමසිංහ මහත්මියගේ විශ්‍රාම දිනය වන ජූලි මස තිස් වැනිදාට පෙර ඇය යළිත් සේවයේ පිහිටුවන ලෙස ලෙස ට රාජ්‍ය සේවා කොමිසම දන්වා තිබුණේ ඉකුත් ජූලි මස විසි දෙවැනි දාය. අදාළ නිර්දේශ රාජ්‍ය සේවා කොමිසම මගින් මෙතෙක් නීතිපතිවරයාට ලබා නොදීම හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මියට යළි සේවයට වාර්තා කිරීමට නීතිපතිවරයා අවසර ලබා දී නැතැයි වාර්තා වේ.



අදහස් (5)

‘‘දිල්රුක්ෂි ඩයස් යළි සේවයේ පිහිටුවන්නැයි දුන් නියෝගයට පියවරක් ගන්න‘‘

dasun Wednesday, 04 August 2021 11:29 AM

මෙරට රූපවාහිනී නාලිකා වලින් නඩු අසපු හා තීන්දු ලැබුණු යුගය අවසන්...

:       0       39

පප්ප Wednesday, 04 August 2021 12:27 PM

නිස්සංක සේනාධිපති කියන්නෙ මොනවගේ පුද්ගලයෙක්ද වග යන්න ,එලිවීම රටේ භාග්‍යක්. මේ හොරු පෙනී ඉන්නෙ රටේ ගැලවුම් කාරයො වගේ.මෙයාගෙ තරම පෙන්නල දුන්නෙ අනුර කුමාරයි,ෆොන්සෙකා මහත්තයයි.ලොක්කගෙ හයියෙන් රජවරුන් වගේ ඉන්න පට්ට දුෂිතයො.අර නීතියට වැඩකරපු මනුස්සය බොරු ගොතල ,චරිතෙ ගාතනය කරල වද දුන්න.බිලියනයක වන්දි නෙමෙයි ඔය හොර තක්කඩියගෙන් බිලියන 10 ඉල්ලන්න තිබුනෙ.මේක ගැන අනුර කුමාරල කිව්වෙ සමුපුර්ණ ඇත්ත.මිනිහ අනුර කුමාරයි ඔහුගෙ පක්ෂයයි දෙකම විනාශකරනව කිව්න නේ ඒකට කොල්ලට දැන් වෙලාව තියෙයිද දන්නෙ නැ.සභාව ධර්මය ඔබට දඩුවම් කරනු ඇත.

:       104       858

fairoos Wednesday, 04 August 2021 01:04 PM

නිදහස් කොට නිදහස් කරයි.

:       0       9

Demuni Uduwara Wednesday, 04 August 2021 04:00 PM

නීතිපති නැවත පත්කළ යුතුයි.

:       0       0

Lalith M Wednesday, 04 August 2021 04:18 PM

ඉදිරියට තව බොහෝ දේ හෙලිවේවි. රජ පවුලත් මේකට ගෑවිලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site