දරුවන් දස දෙනකුගෙන් එක් දරුවකුට වැඩි සංඛ්‍යාවක් නැතහොත් ලොව පුරා සිටින දරුවන්ගෙන් මිලියන 20කට පසුගිය වසරේදී මරණාසන්න රෝගවලට එරෙහිව ලබාදෙන එන්නත් ලැබී නැතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
සරම්ප, ගලපටලය සහ පිටගැස්ම ආදී මරණාසන්න රෝගවලින් දරුවන් බේරා ගැනීම සඳහා වාර්ෂිකව එන්නත් ලබාදීම සිදු කරයි.
ගෝලීය ප්‍රතිශක්තීකරණය ආවරණය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් වාර්තා කර ඇත.
දරිද්‍රතාවයෙන් පෙළෙන සහ යුද ගැටුම් පවතින ප්‍රදේශවල එන්නත් ලබාදීම අතිශයින් පහළ වැටී ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ව ඇත.
“වසංගත වළක්වා ගැනීම සහ ලෝකය ආරක්ෂා කරගැනීමේ ප්‍රධාන පියවරක් තමයි එන්නත් ලබාදීම” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඞ්රෝස් අඩනොම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“අවදානම් තත්ත්වයේ ඉන්න පිරිස තමයි හැම තිස්සෙම මඟ හැරෙන්නේ. ඒ වගේම දුප්පත් සහ නොවැදගත් යැයි සලකන පිරිස වගේම තම නිවාස අත්හැර යෑමට සිදු වූ දරුවන්ට දිගින් දිගටම එන්නත් ලැබිලා නැහැ. සැලකිය යුතු පිරිසක් අත්හැරිලා. අපට මගහැරිලා යැයි” ඔහු සඳහන් කළේය.
එන්නත් නොලැබුණු දරුවන්ගෙන් අඩක් අයත් වන්නේ රටවල් 16කට පමණක් යැයි ද මෙම වාර්තාව සඳහන් කරයි. ඇෆ්ගනිස්තානය, මධ්‍යප අප්‍රිකානු ජනරජය, චැඞ් රාජ්‍යය, කොංගෝව, ඉතියෝපියාව, හයිටි රාජ්‍යය, ඉරාකය, මාලි, නයිගර්, නයිජීරියාව, පාකිස්තානය, සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව සහ යේමනය එම රටවල් 16යි. මේ රටවල් සියල්ල යුද ගැටුම්, දරිද්‍රතාව ආදී බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී සිටින රටවල්ය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මරණාසන්න" නොවේ "මාරාන්තික"
හැබැයි ඉතින් ඉතුරු වෙන්නේ 10 න් එකක් තමයි
අප දන්නා පවුල් සෞඛ්‍ය සේවිකා මහත්මියක් කියූ ආකාරයට ලංකාවේ මුස්ලිම් ජාතිකයන් ගේ දරුවන්ට ඔය එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා, ඔවුන් එය හරාම් දෙයක් ලෙස සලකනවා කිවා. මෙය ජාතික ව්‍යසනයක් මෙමගින් මරණාසන්න රෝග ලංකාවේ තවත් පැතිරෙන්න පුළුවන්, බලධාරීන්ගේ අවධානයට.