(යොහාන් භාසුර)
මොරටුව එගොඩඋයන, මුතුවැලි පාරේ දරුවන් දෙපිසක් අතර බහින්බස්වීමකට මැදිහත් වූ පියෙක් අනෙක් පාර්ශවයේ පියාගේ අතක මහපට ඇගිල්ලක් වෙන්වන ලෙස මන්නාපිහියකින් පහරදී කපා ඇතැයි මොරටුව, එගොඩඋයන පොලිසිය කියයි.
පහර කෑමට ලක්වූ පුද්ගලයා ප්‍රශ්න පිළිබඳව විමසීමට සැකකරුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙම මන්නා ප්‍රහාරයට ලක්ව ඇති බවත් එම ප්‍රහාරයේදී ඔහුගේ බිරිඳ සහ පුතු ද තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනා මේ වන විට පානදුර මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ‘උක්කුවා’ යන අන්වර්ථනාමයෙන් හදුවන 34 හැවිරිදි ප්‍රහාර එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගෙන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනිල් මාසකෝරාළ මහතාගේ අධීක්‍ෂණයෙන් එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නෙල්සන් ප්‍රබෝද මහතා වැඩි දුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරයි.
COMMENTS