IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


දරුවකු මියයාමේ සිද්ධියකට වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැන්නැයි නියෝග

(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දරුවකුගේ මරණය සම්බන්ධයෙන් මඩකලපුව මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය, ලේ බැංකුව බාර වෛද්‍යවරයා සහ වාට්ටු අංක 1 බාර වෛද්‍යවරයා සහ දරුවාට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මඩකලපුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා මඩකලපුව පොලීසියට නියෝග කරනු ලැබිය.

මඩකලපුව වන්දාරමුල්ල ප්‍රදේශයේ දරුවෙක් මඩකලපුව මහා රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදි හදිසියේ මියගොස් ඇත. පසුව කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම දරුවාට ලබාදුන් රැධිර සාම්පල්වල වැරැද්දක් නිසා මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මඩකලපුව පොලිසිය මගින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට මඩකලපුව මහා රෝහලේ හෙදියන් දෙදෙනෙක් පමණක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම කරුණු සැළකිල්ලට ගත් මඩකලපුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා මෙම සිද්ධියට හෙදියන් දෙදෙනා පමණක් ඉදිරිපත් කිරිමෙන් සෑහිමකට පත් නොවන අතර ඉහත සදහන් සියලුම වෛදවරුන් අත්අඩංගුවට ගෙනහෙට (24) බදාදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

ලේ බැංකුව බාර වෛද්‍යවරයා, දරුවා ප්‍රතිකාර ගත් වාට්ටුවේ වෛද්‍යවරයා සහ වාට්ටුව බාර වෛද්‍යවරයා සහ මඩකලපුව මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරිය එලෙස ඉදිරිපත් කරන ලෙසට නියෝගය දී තිබේ.

මෙම දරුවා  මව පියා සමඟ මඩකලපුව වන්දාරමුල්ල ගම්මානයේ ජීවත් වී තිබේ. 2019 මාර්තු 1 දා මියගිය දරුවාගේ පියා විසින් එළවලු විකිණීම සඳහා ලොරියක් කුලියට ගෙන  ඇති අතර එම ලොරියට නැගීමට ගිය මියගිය දරුවා වන විදුලක්ෂන් ලොරියෙන් වැටී හිස තුවාල වී චෙංකල්අඩි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව මහා රෝහලට යවා තිබේ.

එහිදී දරුවාට මුලික ප්‍රතිකාර ලබාදී පසුව දැඩි සත්කාර ඒකකයේ දින හතක් රඳවාගෙන ප්‍රතිකාර කර පසුව 36 වාට්ටුවට දරුවා මාරු කර යවා තිබේ. එහිදී දින 6 ක් ප්‍රතිකාර ලබාදී පසුව නැවතත් දැඩි සත්කාර ඒකකයේ දින 6 ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මිය ගොස් තිබේ.

මෙම දරුවාගේ මරණයට හේතුව වී ඇත්තේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ දී දරුවාට වැරදි ලේ වර්ගයක් දීමෙන් බව දරුවාගේ මව වන වී.සෙල්වරාණි මහත්මිය පැවසුවාය.

මඩකලපුව මහ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අධිකරණ වෛද්‍ය විශේෂඥ ආර්.පී.ජයසුරිය මහතා විසින් නිකුත් කරන ලද පශ්චාත් මරණ වාර්තාවේ ද මේ බව පැහැදිලිව සටහන් කර තිබෙන බව ද ඇය සඳහන් කළාය.

මේ පිළිබඳව මඩකලපුව මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක කලා රංජනී මහත්මියගෙන් කළ විමසිමකදී ඇය පැවසුවේ මේ පිළිබඳව තමන්ට කිසිවක් පැවසීමට නොහැකි බවයි. මේ පිළිබඳ තොරතුරු ලබාදීමට නම් සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරය අවශ්‍ය බවද කීය.



අදහස් (10)

දරුවකු මියයාමේ සිද්ධියකට වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැන්නැයි නියෝග

Prabha Tuesday, 23 July 2019 04:12 PM

හොඳ තීන්දුවක් නඩුකාරතුමනි. හැමදාම වෙන්නේ පහත් තැනින් වතුර ගලන එකනේ.

:       267       340

NASRUDIN Tuesday, 23 July 2019 06:02 PM

මව් කුසේ සිට සොහොන් කොත දක්වා නීතියේ ප්‍රතිපාදන බලාත්මකයි

:       131       103

jayath Wednesday, 24 July 2019 04:38 AM

මේ රටේ හැමදාම උනා වගේ වෛද්‍යවරු සම්බන්ද දේ වලදී බොහෝවිට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ එහෙම තිබියදී මේ මහේස්ත්‍රාත් තුමාටත්, අදිකරණ වෛද්‍ය තුමාටත් අපේ ආචාරය.

:       260       313

Praba Wednesday, 24 July 2019 05:05 AM

එංගලන්තයට හරි ඕස්ට්‍රේලියාවට හරි ගිහිල්ලා සුපිරි ජීවිත ගත නොකර ආසියාවේ ආශ්චර්යය ඇතුළෙ දුෂ්කර ක්‍රියා කරන්න තෝරා ගත්තට හොඳම වැඩේ.

:       204       194

සේන Wednesday, 24 July 2019 05:42 AM

කවුරුත් කියන්නේ තීන්දුව එළ කියලා නේද ? ඒ ගැන ටිකක් ගැඹුරින් බලන්න. ඔය තීන්දුව ආපු තැනින් මීට පෙරත් තීන්දු දීලා තියෙනවා .අපි බලා හිඳිමු. රටම විකල් වුණාම වර්ගවාදය නැගලා යනවා.

:       2       100

DharmasenaWednesday, 24 July 2019 07:46 AM

සහතික ඇත්ත .. මෙන්න මේ ඇතුලේ තියන කතාව දකින්න තරම් ගොඩ දෙනෙක් බුද්ධිමත් නැහැ , කිසි වෛද්‍යවරයෙක් උවමනාවෙන් මිනි මරන්න යන්නේ නැහැ.

:       3       91

buddhiWednesday, 24 July 2019 01:21 PM

ඔව් මේක තමයි ප්‍රොෙෆෂනල් නෙග්ලිගේන් කියන්නේ

:       20       10

සහරාන්Wednesday, 24 July 2019 02:44 PM

වුවමනාවෙන් මිනී නොමැරීමයි. වගකීමක් නැතුව රාජකාරි කිරීමයි දෙකක් නේද? බොහෝවිට බටහිර රටවල නම් වෛද්‍යවරයාගේ සුලු අතපසු වීමකට වුවත් නීතිය දැඩිව ක්‍රියාත්මක වේ. මේ ප්‍රවණතාවය අගේ කළ යුතුයි.

:       21       140

Kamal Wednesday, 24 July 2019 06:21 AM

එංගලන්තයට හරි ඕස්ට්‍රේලියාවට හරි ගිහිල්ලා සුපිරි සුපිරි ජීවිත ගත කරන්න යනවා නම් මහජන මුදලින් ඉගෙන ගත්තට එමුදල් ගෙවල යන්න කියන්න.

:       5       124

pakeer Saturday, 27 July 2019 04:29 AM

මේක මඩකලපුවේ වෙලා දෙමල කෙනෙක් මරුණු නිසා සිංහල අයට මේකේ ගානක් නැහැ. මේක නුවර, කොළඹ ගාල්ලේ වුණා නම් වැඩේ බලන්න තිබුණා. බැලූ බැල්මට පේන්නේ මුස්ලිම් නඩු කාරයෙක් සිංහල දොස්තරලව තද කරනවා වගේ තමයි. එ්කට තමයි නීතිය තියෙන්නේ. ඇත්ත නැත්ත බලන්න. රටේ ඔන්න ඔය නීතිය නැති නිසා තමයි වර්ගවාදය, ජාතිවාදය උපයෝගී කරගෙන එක එකාට ඕනේ විදිහට වැඩ කරන්නේ. රටේ කොහේ වුණත්, කාට වුණත් එක නීතියක් ගේන්න තරම් මේ රට පාලනය කරන උන්ට කොන්දක් නැහැ. මන්ද බුද්ධිකයි. බල කාමයෙන් මත් වෙලා. අවිද්‍යාවෙන් උච්ච වෙලා. එ්ක තේරුම් නොගෙන මිනිස්සු ඔවුන් පස්සෙන්ම යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පළාත් හතරකට අදත් වැස්ස
2025 ජනවාරි මස 16 78 0

උතුරු මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !
2025 ජනවාරි මස 16 596 0

මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි.


ඖෂධ ඒකාධිකාරිය බිඳීම නිසා ඖෂධ මිල 200ගුණයකි පහතට
2025 ජනවාරි මස 15 2014 0

පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ


ලංවිම ඉන්ධන මිලදී ගැනීමෙන් වසරකට කෝටි 5,600 ක පාඩුවක්
2025 ජනවාරි මස 15 689 0

ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් ර


ගසක් යතුරුපැදියක් මතට කඩා වැටේ
2025 ජනවාරි මස 15 377 0

බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ කිරිමණ්ඩලය අසලින්දී ධාවනය වු යතුරුපැදියක් මතට කපා තිබූ ගසක ඉතිරි දැව කදක් කඩා වැටීමෙන් තුවාල ලැබු තරුණයකු බදුල්ල ශික්ෂ


අල්ලස් ගත් පී.සී. මාට්ටු
2025 ජනවාරි මස 15 433 0

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයට නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරීම සඳහා රියැදුරකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබාගත් මතුගම මූලස්ථාන පොලිසියේ රථ වාහන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 262 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 563 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 311 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site