(නිමන්ති රණසිංහ)
කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක වයස අවුරුදු පහක ගැහැණු දරුවකු අපයෝජනය කළැයි වරද පිළිගත් යුද හමුදාවේ හිටපු සාජන්වරයකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (23) නියම කළේය.
එසේම මෙම සිද්ධියේ වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් යම් හෙයකින් එම වන්දිය නොගෙවන්නේ නම් තවත් අවුරුද්දක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද අධිකරණය මගින් විත්තිකරු වෙත නියම කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ පිලියන්දල පදිංචි අරඹගේ දොන් ප‍්‍රසන්න රන්ජිත් අතපත්තු නැමැති හිටපු යුද හමුදා සාජන්වරයෙකි.
ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 365 වගන්ති ප‍්‍රකාරව මෙම සැකකරු වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 2016 වර්ෂයේදීය.
COMMENTS
ඔන්න රණවිරුවන් දඩයම් කරනවෝ...!!! කියා කියාවිදෝ මන්දා
අපේ අන්ධයින්ට දැන්වත් තේරෙයිද දන්නේ නැහැ රණවිරුවෝ කියන්නේ යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කළ අය පමණක් කියන එක.
සොත්ති උපාලිගේ පරම්පරාවේ කෙනෙක් වගේ.
වයස අවුරුදු පහක ගැහැණු දරුවකු අපයෝජනය කළැයි වසර දෙකක සිරදඬුවමක්....? කිසිවක් කර කියාගත නොහැකි ළදරුවෙකු අපයෝජනය කර වසර දෙකකින් නිදහස්ව ගෙදර එන රටක අහිංසක දරුවන්ට නීතියේ ආරක්ෂාව නිසි ලෙස නොලැබෙන බව නොවේද මේ කියන්නේ ? දරුවෙකු අපයෝජනය කලාට ඒක ලොකු වරදක් නොවෙයි කියා නේද මේ කියන්නේ ? දරුවන්ට තම ආරක්ෂාව වෙනුවෙන් හඩක් නැගිය නොහැකි නිසා රටේ නීතියත් හැම විටම ශක්තිය වැඩි කෙනාගේ පැත්තේ නොවේද ? එහෙත් විය යුත්තේ නීති මගින් ශක්තියක් බලයක් නිලයක් නැති අය ආරක්ෂා කිරීම නොවේද? ශක්තිය බලය තිබෙන කෙනා දිනන්නේ කැලෑ නීතිය තියන සතුන් අතරයි. අපි තවමත් කිට්ටු කැලේට බව දිගින් දිගටම ඔප්පු කරමින් සිටිමු. සියලු නීති සැකසෙන්නේ ලොකු අයට පොඩි අය ගිල ගන්නට පහසු වෙන විදිහට නොවේද ?
ගෝඨා නිදහස් මෙයා හිරගෙට.
දෙයියෝ සාක්කි! රණවිරුවෙක් නේද?
දඩුවම මදි....
රණවිරුවන් දඩයම් කරනවා කියල කියයි ද දන්නේ නැහැ දැන් .
අම්මෝ රණවිරුවන්ට මෙහෙම කරන්න එපා...
මේක වරදක්... හැමෝම මිනිස්සු... ඉතින් ආමි එකේ ඉන්න අය රහත් වෙලා නැහැ.. වරද වරදමයි.
හිරේ දාන එක නෙවෙයි කරන්න තියෙන්නේ... ලැජ්ජා නහරේ කපලා දැම්මා නම් ආයිත් මේවා කරන්න බැරිවෙන්නම...