
(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි ගිනි ඇවිලිමෙන් මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජුඩ් දැරිය කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සමාජිකයන්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටි තවත් කාන්තාවන් කිහිපදෙනකුගෙන් අද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය කියයි.
ප්‍රධාන පොලිස් පරික්ෂණ වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රකාශ සටහන් කර ගත්තේය.
මිය ගිය දැරිය මිහිදන් කළ එම වතුයායේ පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබු අතර , අධිකරණ නියෝගයක් අනුව එම මෘත දේහය දින ගොඩ ගනිවි යැයි සිතා ඩයගම අවට වතු කම්කරුවන් විශාල පිරිසක් එම සුසාන භුමිය අසල රැදි සිටි අයුරු දක්නට ලැබුණි.
නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු කියා සිටියේ මිහිදන් කළ සිරුරක් අධිකරණ නියෝගයත් මත ගොඩ ගැනිමේදි අනුගමනය කළ යුතු නිති මාලාවක් ඇති බවත්, එම නිති මාලාවට අනුව ඉදිරි දින කිහිපය තුලදි ඉෂාලිනිගේ සිරුර ගොඩගෙන යළිත් පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරිමට නියමිත බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැරැව් කරුගෙන් රුපියල් 30000ක් ණයට අරගෙන ඕක ගෙවන්නත් බැරි වුණාම දරුවා තැරැව් කරුට දීලා 30000ට හිලව්වක් විදිහට දුන්නට ඒ ළමයාගේ අම්මට දඬුවම් කරන්න ඕනෑ... මේ විදිහට දරුවන් විකුණනවට...!!!!