(ශාන්ත රත්නායක)

මෙම වසරේ පළමු පොහෝය වූ අද දින සැදැහැවත්හු සිය ආගමික කටයුතුවල නිරත විම සඳහා වෙහෙර විහාරස්ථාවලට පැමිණියහ. 

කැලණිය, මුතියන්ගනය, අනුරාධපුර, මහනුවර ඇතුළු ඓතිහාසික වෙහෙර විහාරසථාන සුදුවතින් පරී ගියේය.

දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබු අතර කැළණි රජමහා විහාරයත් උපාසක උපාසිකාවන්ගෙන් පිරි ගොස් තිබුණි

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවාගැනීම දුරුතු පොහොය දිනක සිදුව ඇත. 

බෞද්ධ ඉතිහාසයේ  ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.