(තුසිත කුමාර ද සිල්වා)
දර්ගානගරය අල කඳු පිටිය ප්‍රදේශයේ පොල්වත්තක තිබූ කඩු 5ක් සොයාගත් බව අලුත්ගම පොලිසිය කියයි.
මෙම කඩු පහෙන් එක් කඩුවක් ඉකුත්දා කොම්පඤ්ඤ වීදිය මුස්ලිම් පල්ලියක තිබී අත්අඩංගුවට ගත් කඩුවල තිබූ බව කියන ස්ටිකරය ද සහිත එකක් බව ද පොලීසිය කියයි.
මෙම කඩු පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදුකරන බව අලුත්ගම පොලීසිය පවසයි.

COMMENTS
කඩු නම් වැඩක් නැහැ. බෝම්බ හොයපල්ලා
අර කවුද කෙනෙක් කියනවා අහගෙන ඕවා අර මොනවද සුද්ද කරන්නලු තියන් ඉදලා තියෙනේ කියලා
තැන තැන වල ආයුධ, පුපුරන ද්‍රව්‍ය සුළු සුළු ගොඩවල් හමුවෙන්න තියන්නේ මහා පරිමානයේ ගොඩවල් පරිස්සම් කර ගැනීමටද කියා මට පෞද්ගලිකව සිතේ. මොකද අපේ කුඩා දරුවන් "ගිනි ගිනි දිය දිය" කියා කරන සෙල්ලමෙදීවත් ඔතරම් ලෙහෙසියෙන් හමුවන්න දේවල් සඟවන්නේ නැත.
එතකොට පොල්වතුවල කැලෑ කපන්නේ ආණ්ඩුවෙන්ද?
බොහෝ වාසස්ථානවල ඉපැරණි කාලයේ සිට කඩු වැනි ආයුධ තබාගෙන සිටින්නේ ආත්මආරක්ෂාවටයි. නිවෙසකට අපරාධකරුවෙක් පැන මංකොල්ලකන්නට ආ විට, පොලිසිය එනතෙක් බලා සිටියහොත් වන්නේ මන්කොල්ල කරුවගෙන් මැරුම් කෑමටයි.