(ඩී.ජී.සුගතපාල)
 

ගිංතොට මෝයකට අසළ දිය නෑමට ගිය 13හැවිරිදි පාසල් සිසුවෙකු අද (22) සවස දියේ ගිලී අතුරුදහන්ව  ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
 
මෙසේ අතුරුදහන්ව ඇත්තේ හක්මන මීඇල්ල බඩවත්ත පදිංචි දිලුම් නිම්සර නමැති සිසුවෙකි.
 
මෙම සිසුවා සහ පවුලේ අය බූස්ස හෑගොඩ ප්‍රදේශයේ මඟුල් ගෙදරකට  පැමිණ මංගල උත්සවයේ වැඩ කටයුතු අවසන්වීමෙන් පසු මව, පියා සහ තවත් සොහොයුරෙකු සමග ගිංතොට මෝයකට අසළ දිය නෑමට පැමිණ ඇත.
 
එසේ දිය නාමින් සිටියදි මවගෙන් අතහැරී දියේ ගිලී අතුරුදහන්ව ඇති බවද පොලිසිය පවසයි.
 
කිමිදුම්කරුවන් සහ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් සිසුවා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.