(ප්‍රසන්න පත්මසිරි)
සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා දින 14 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නියෝග කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ.එම් සේනාධීර මහතාගේ සභාපතීත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කම්ටුවක් පත් කිරීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය කටයුතු කර තිබේ.
ත්‍රිපුද්ගල කම්ටුවේ සෙසු සාමාජිකයන් ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත්කර ඇත.
බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 86 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දින දෙකක සංචාරයක නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
COMMENTS
වෙන රටකනම් මේ ගුරුවරුන්ට මරණ දඩුවම.
දැන් කාලේ ළමයින්ට ආදරේ ගුරුවරු හරි අඩුයි. එයාලා බලන්නේ පඩිය වැඩිකරගෙන හවස ගෙදර පන්තියකට ගෙන්නගෙන කාර් එකක් ගන්නේ කොහොමද ගෙයක් හදාගන්නේ කොහොමද කියලා විතරයි.
ලංකාවේ වටේටම මුහුද ඇල, දොළ ගංගා තිබුණාට ඒවගේ බැහැලා පිහිනන්නට ඉගෙන ගැනීම භයානකයි. පිහිනන්න දන්නේ ජනගහනයෙන් 20% අඩු ප්‍රමාණයක්.. මෙයට හේතුව ලංකාවේ ප්‍රධන නගරවලවත් කුඩා ළමුන්ට පිහිනීම ඉගෙන ගැනීමට හැකි පොදු නාන තටාක හෝ ජල ක්‍රීඩා කළහැකි ස්ථාන නැත. එමනිසා ඔය කියන ආණ්ඩුකාරයා කළ යුත්තේ වාර්තා ඉල්ලීම එක කියවලා, නිකම් සිටීම නොව, මේ ප්‍රශ්නයට දීර්ඝ කාලීනව විසඳුමක් දීමට ක්‍රියා කිරීමයි... කරුණාකර ප්‍රධාන නගරවලවත් ජනතාවට ගාස්තුවක් ගෙවලා පිහිනන්න ඉගෙන ගන්න පුළුවන්.. පොදු පිහිනුම් තටාක ඉදිකරන්න. මැති ඇමතිවරුන්ගේ පරිහරණයක රුපියල් කොටි 3-4 වාහන 30-40 ගෙන්වන්න පුළුවන් රටකට, එක මැතිවරණ කොට්ඨාශයකට එක බැගින් පිහිනුම් තටාකයක් හදන්න කෝටි 2 වියදම් කරන්න බැරි මොකද?