(ඩයනා උදයංගනී)
ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ දයා අබේසේකර මහතා අද (29) අභාවප්‍රාප්ත විය.ඒ මහතා මාධ්‍ය තුල මෙන්ම රංගන ශිල්පියකු ලෙසද කටයුතු කළේය.
සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම්ජයන්තගේ ළමා කාලය නිරුපණය කළ දයා අබේසේකර මහතා , ප්‍රවීන නර්තන ශිල්පිනි පද්මිණි දහනායක සමඟ මෙම චිත්‍රපටයේ ජීවන මේ ගමන සංසාරයේ ගීතයට රංගනයෙන් දායක විය.
ස්වාධීන රුපවාහිනි සේවයේ 'Rupees and Sense' වැඩසටහන මෙහෙයවූ ඒ මහතා ප්‍රවීන ගී පද රචක කරුණාරත්න අබේසේකරගේ සහෝදරයා වන අතර
ඔහු මිය යන විට 80 වන වියේ පසුවිය.
දේහය හෙට (30) සවස 7 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබන අතර අවසන් කටයුතු 31 වැනි ඉරිදා සවස 4.30ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෞරවනීය රන්ග ධරයාණෙනි, මාධ්‍ය වේදියාණෙනි, භවගමන නිමාවී නිර්වාණය අවබෝධ වේවා...!!!
ජීවන ගමන මේ සංසාරේ ගීතය සම්පූර්ණයන්ම කාර් එකේ දර්ශන තියෙන්නේ. එකේ දයා අබේසේකර නැහැ නේද?
නිවන් සුව පතමි...
නිවන් සුව පතමි. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගැන යමක් ලියන්නේ නැත්ද?
නිවන් සුව ලැබේවා !!!
ඔබතුමාට නිවන් සැප ලැබේවා.