(එච්. චන්දන )
තම අබාධිත දියණිය ඝාතනය කිරිමේ සිද්ධියකට වරදකරු වූ පියාට පුත්තලම මහධිකරණ විනිසුරු ආද්‍යතය කාන්ත මද්දුමපටබැදී මහතා විසින් අද (11) මරණ දඬුවම නියම කළේය.
2010 පෙබරවාරි 03 වැනි දින හෝ ඒ ආසන්න දිනයකදී පුත්තලම අධිකරණ බල සීමාව තුළ ඔට්ටුකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ ශෂිනි නෙත්මා යන වයස අවුරුදු 07 දැරිය මරාදැමීමේ සිද්ධිය සම්බන්ධව පර්යේෂණ සිදුකළ පසුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව දණඩ නිතී සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බව තහවුරු වීම නිසා මෙම මරණ දඬුවම නියම කර තිබේ.
මෙලෙස මරණ දඬුවම නියම වුයේ ඔට්ටුකුළම පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ චන්දන එදිරිසිංහ නැමැති 32 පුද්ගලයෙකුයට.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතීඥ නදීබා අබ්බාස් මහත්මිය පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දියණිය ඝාතනය කළ පියා පෝරකයට