
(නිමල් ජයරත්න)
වල්අලින්ගේ දැඩි තර්ජන ඇති ප්‍රදේශ හරහා විවිධ දුෂ්කරතා මැද දිඹුලාගල කන්ද තරණය කර ඔන්ලයින් හරහා අධ්‍යාපනය කිරීමට තම දරුවනට සිදුව ඇතැයි දිඹුලාගල වෙහෙරගම ගම්මානයේ අපට හමුවිය.
කිලෝ මීටර් පහක් පමණ පා ගමනින් හා අත්ට්‍රැක්ටරයකින් ගමන් කරන මෙම දරු දැරියෝ දිඹුලාගල කොස්ගහඋල්පත ප්‍රදේශයේ කඳුමුදුනට පැමිණ මෙසේ අධ්‍යාපනය හදාරති.
දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මැදගම, වෙහෙරගම, ලීලාරත්න විලයාය, ඇතුළු අවට පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියෝ මෙම දුෂ්කරතාවයට මුහුණ පා සිටිති.
ඇතැම් දරුවන් ඔන්ලයින් හරහා අධ්‍යාපනය කිරීමට ගල්උඩ, ගස්උඩ මෙන්ම කුඹුරුවලට ඉදිකළ අට්ටාල මත ද සංඥා සොයා යන බව ද මවුපියෝ කියති.
ඇතැම් දරුවන්ට ස්මාර්ට් ඡංගම දුරකතන නොමැති නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටිති.


COMMENTS
ළමයින්ට උදව් කිරීම හොඳයි අත්ට්‍රැක්ටර් රියදුරු තැන මාස්ක් එක නිකටේ දාගෙන යෑම නම්... කාලයට උචිත නොවන බව පෙනේ... !!!
අනේ දරුවනේ, මොන අර්බුද මැද වුණත් හොඳට ඉගෙන ගන්න. ඔබේ ඤාණවන්ත දෙමාපියන්ට කියන්න මේ මොහොතේත් ආණ්ඩුවේ අර්බුද... නමුත් අනික් අමෙරිකන් කාරයාල ඊළඟ ජනාධිපති වරණයට ඉදිරිපත් කළාම රටේ ප්‍රශ්න විසඳෙන නිසා, පවුලේ අදහස එහෙම කිව්වාම ජනතාව බුද්ධිමත් නිසා පිළිගන්නා නිසා එතුමාව දිනවන්න ඊළඟ පාර ඔබේ බුද්ධිමත් දෙමව්පියන්ගේ ඡන්දෙ දෙන්න කියලා. ඊට පස්සේ ඔයාලගේ දරුවන්ට චීන තාක්ෂණේ හොඳට ලබාගන්න පුළුවන්...
අපට කුමන පැත්තක හෝ දේශපාලනයක් අවශ්‍ය නැහැ. හොඳට හොඳ කියන්නත්, නරකට නරක කියන්නත්, අප පසුබට වෙන්නේ නැහැ. පසුගිය රජයෙන් ළමයින්ට ටැබ් දෙන්න පියවර ගත්තා. ඇතැම් අනුවණ දේශපාලුවන් එදා ඒකට සමච්චල් කළා. මේ රටේ ජනතාවගෙන් කොටසක්ද, එයට හුරේ දැම්මා මතකයි. එදා සමච්චල් කරපු අය මේ අවශ්‍ය වෙලාවේදී දරුවන්ට ටැබ් දෙයි කියා හිතන්නට බැහැ. කෝ මේ ඩිජිටල් ඇමතිලා නින්දේදී මේවා පේන්නේ නැත්තේ? මේ දරුවන්ට පහසුවෙන්න ඇයි සිග්නල් පහසුකම් වැඩි නොකරන්නේ...?
වාසි දේවල් විතරක් බලන්න යන අපේ සර්ට මේ ළමයින්ගේ දුකත් පෙනිලා ඔවුන්ව මුනගැහෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරමි..
රජයේ කිසිම වැරැද්දක් නැහැ. මෙය කොරෝනා නිසා ඇතිවූ කෘතිම ප්‍රශ්නයක්...
මට මේ පින්තූර බැලුවාම හිතන්නේ මේ ළමයිට පාසල් විවෘත කර දුන්නොත් සෞඛ්‍ය විධිවිධාන මීට වඩා ක්‍රමවත්ව පිළිපැදලා අධ්‍යාපනයත් හොඳට හදාරන්න පුළුවන් කියලා...
රටට හෙණගැහිලා ගියත්, දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයක් දුටුවිට හොඳ දේට සමච්චල් කිරීමේ කඩාකප්පල් කිරීමේ විපාක තමයි මේ..
හැමදේම ධනාත්මකව හිතන්න. ළමුන්ට උගන්වමු.. පාසලේදීවත් නොලැබෙන අපූරු අත්දැකීමක් අනේ කොළඹ ළමයින්ට මේ වගේ වෙනස් අත්දැකීම් ගන්න ලැබේවා..!!!
අපේ මන්ත්‍රීතුමන්ලාට, ඇමැතිලාට වී8 ඉල්ලන්නේ මේ ප්‍රශ්න සියල්ල විසඳලා දෙන්න තමයි.
මරික්කාර් ඔබ හරි. මටත් හිතුණේ මේ ළමයි මේ විදිහට එකතු වෙනවා නම් පාසල් වහලා සංචරන සීමා දාන එකේ තේරුම මොකක්ද? පාසල් වහන්නේ ළමයින්ගෙන් මෙය පැතිරීම වළක්වන්නට නේද?
පොඩ්ඩක් ඉවසන්නකෝ.. අපේ මැති ඇමැති ගොල්ලන්ට වී8 වාහන ලැබුණු ගමන් ඔය ගම්වලට ගිහින් වයිෆයි, සිග්නල් ප්‍රශ්න ඔක්කොම විසඳනවා.
ඔවුන්ට උදව් කරන්න දුරකථන අංකයක් දෙන්න.
හැම කාලකන්නි පාලකයාම බලයට එනකොට ලස්සන වචන දාලා ප්‍රතිපත්ති ප්‍රකාශ හදලා ජනතාව ගොනාට අන්දනවා. ලෝකේ අනිත් රටවල් අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකි සේවාවන් ගැන තරඟ කරන කාලෙක, අපේ අයට තාම රටටම අන්තර්ජාල පහසුකම්වත් දෙන්න බැරිවෙලා. ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතාවට දෙන නීතිමය වටිනාකමක් තියෙන ලියවිල්ලක් කළ යුතුයි. එතකොට අපිට නිදහසට කරුණු විමසා නඩු දාන්න පුළුවන්.