(ඩයනා උදයංගනී)
දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනා සඳහා රටේ ව්‍යවස්ථාවට ගරු කරන කිසිවෙකුටත් එකඟ විය නොහැකි බැවින් කිසිඳු ජනාධිපති අපේක්‍ෂකයකුට එය පිළිගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම යෝජනා ප‍්‍රතික්ෂේප කර ඇති නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් දක්වා නැතැයිද තිලංග සුමතිපාල සඳහන් කළේය.
යළිත් ජාතිවාදය අවුස්සා ඉදිරි මහ මැතිවරණයක දී වාසි ලබා ගැනීමත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරාජය කිරීමත් දෙමළ ජාතික සන්ධානයේ අරමුණ වී ඇතැයි කී තිලංග සුමතිපාල මහතා මෙවර උතුරේ ජනතාව ඔවුන්ට නොරැවටෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කීවේය.
සුමතිපාල මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
මෙයා කියනවා නම් දෙසැරයක් හිතන්න ඕන නැහැ. හරියට හරි.
ඒ වගේම ක්‍රිකට් ආයතනයටත් ඔයා නැවත එන එකටත් එකඟ වෙන්න බෑ.
තොන්ඩමන්ගෙයි හිස්බුල්ලගෙයි යෝජනා වලට එකඟ වෙන්න පුළුවන් එහෙනම් ? ඒ දෙන්න දැන් ජාතික විරයෝනේ. එහෙමද ?
එයාල එන්නේ නැති හින්දා මෙහෙම කියනවා.... අපි නොදන්නා කිබුලෝ කොරහහේ ..
අනේ මන්දා ඔය රට බෙදන කතා ෆෙඩරල් කියන වචන අපි හැමදාම අහනව ඡන්දයක් ලං වෙද්දි. ඒත් බෙදපු රටක්නම් නැත
අපේ අත් දැකීම නම් ඔය කිසිම පක්ෂ නායකයෙක් තමන් ගහන හොර ගිවිසුම් මෙතෙක් කිසිම දවසක එලි කර නැති බවයි. දැනුත් මොකක්ද තියෙන සහතිකේ එහෙම එකක් නැති බවට?
ඇයි අනේ එජාපය එකඟ වෙයි.
එතකොට පිල්ලෙයාන්ගෙ, හිස්බුල්ලගෙ යෝජනා හොද ඇති.
සියලු රේස් බුකී වසා දැමිය යුතුයි.
අශ්වයන් පෙන්වලා මිනිසුන්ගේ සල්ලි සුද්ද කරන සූදුකාරයන් කියන දේවල් නොඅසන්න. කරුමෙකටද කොහෙද අපේ රටේ සුදුවේ මාර්ගයෙන් ධනපතියන් වෙන අයට බෞද්ධ මහා සම්මේලනවල සභාපතිලා වෙන්න පුළුවනි. ඒ වගේම ඔවුන් රටේ දේශමාන්‍ය පට්ටමුත් ලබනවා. සූදුව කරවනවා කියන්නේ මිනිසුන්ගේ මුදල් ප්‍රෝඩාවෙන් මංකොල්ල කනවා කියන එකයි. එහෙනම් මේ මුළු පව්ලම හොරුන් නොවේද?
එයා මට කැමති නැත්නම් එයාට වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න මං ඉඩ දෙන්නේ නෑ..
රටේ මිනිස්සු දන්නේ නෑ. තේරෙන්නේ නැහැ.
හරක් ඉන්න රටක සිංහයෙක් රජවෙන්නේ නැහැ..!
කියපු කතාව නම් ඇත්ත.