
(සුජිත් හේවාජුලිගේ)
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු නියෝජිතයෝ පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා එම කොමසාරිස් කාර්යාලයේ දී අද (17) පෙරවරුවේ හමුවූහ.
බලය බෙදීම, උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇතුළු කාරණා කීපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වරයා සමග මෙහිදී සාකච්ඡා කළ බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ දහ තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය උදෙසා දමිල ප්‍රජාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කෙරෙන ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් ඉන්දියාව දිගු කාලිනව සහයෝගය ලබා දෙන බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටකොන්දක් තියනවා නම් ඉස්සෙල්ලාම මහකොමසාරිස්ට කියන්න ඒ ගොල්ලන්ගේ ධීවරයින් අපේ මාලු ටික මංකොල්ල කන එක නවත්තන්න කියලා...
උතුරු මුහුදට එව ධීවරයෝ නවත්වන්න කියන්න හයියක් නැද්ද?
උතුරේ කුල භේදය නැති කර සමානාත්මතාව ඇති කරන්න සම්බන්ධන්