(නිමල කොඩිතුවක්කු)
දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධානගත වී ඉදිරි මහමැතිවරණයට තරග නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ලංකාදිපයට පැවසීය.
දෙමළ ජාතික සන්ධානය පිළිබඳ උතුරේ දෙමළ ජනතාවට තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බවත් තමන් මේ පියවර ගත් බවත් ඔහු සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, සිරභාරයේ සිටින සියලුම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම, උතුරු, නැගෙනහිර පළාත් වල ඉඩම් යළි දෙමළ ජනතාවට ලබාදීම ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් තම පාර්ශ්වය මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වන බව ඔහු කීවේය.
දෙමළ මහජන පෙරමුණ, ඉලංගයි තමිල් අරසුකච්චි, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී. ආර්. එල්. එෆ් පක්ෂය ඇතුලු පක්ෂ පහක් එක්ව මෙම කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
දෙමළ ජනතාව වෙනුවෙන් තමන් ඉදිරිපත් කර ඇති කොන්දේසි සමඟ එකඟ විය හැකි දෙමළ ජාතික සන්ධානයේ පාර්ශ්ව සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවත් විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා ඔබතුමා ප්‍රභාකරන්ගේ භක්තිමත් අනුගාමිකයෙක් කියන එක.. ඉතින් එහෙම අයට මධ්‍යස්ථ මතධාරීන් පේන්න බැහැ.
උතුරේ දේශපාලකයෝ අහිංසක දෙමළ ජනතාව ජාතිවාදයෙන් අවුස්සා රජ වෙන්නට බලති. දකුණේ දේශපාලුවෝ සිංහල ජනතාව ජාතිවාදයෙන් අවුස්සා රජ වෙති. දෙමළ ජනතාව ජාතිවාදීන්ගේ ග්‍රහණයෙන් මුදවා ගෙන ඔවුන් අපේ රටේම පුරවැසියන් බවත් ශ්‍රී ලංකා රජය ඔවුන්ගේම රජයක් විනා දෙමළ ජාතිවාදීන් කියන විදිහට "සිංහල ආණ්ඩුවක්" නොවන බවත් සැබෑලෙසම ඔවුන්ට පෙන්වන්නට අපේ නායකයෝ අසමත් වෙති. වහල්ලු හුරේ දමති. එහෙත් මේ තත්වය දඩමීමා කරගෙන බලවත් ජාතීන් අපේ රටට හොට දාන එක ගැන ඔවුන්ට වැටහීමක් නැත.
පව් දෙමළ ජනයාව මෙයා ගොනාට අන්දනවා. මේ කොන්දේසි සේරම දෙමළ සන්ධානයේ කොන්දේසි තමයි. අමුතුවෙන් මොකුත් නැහැ. මේ කොන්දේසි කවදාවත් ඉටු වෙන්නේම නැහැ. අනික මෙයා මෙහෙම කිව්වාට, අදටත් උතුරේ ජනතාව දෙමළ සන්ධානය පිළිබඳව තමයි විශ්වාස තබලා තියන්නේ...