IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (12) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුන් කුරුණෑගල, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක යුවළක් වන අතර, ඔවුන් දෙදෙනා සමග  අවුරුදු 05 සහ අවුරුදු 07 ක කුඩා දරු දෙදෙනාද වූහ. ඔවුන් එම ප්‍රදේශයේ සුළු පරිමාණ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යමින් සිටින අය බවට රේගුව කළ මූලික පරීක්ෂණවලදී  අනාවරණය කරගෙන තිබේ.

මොවුන් ඊයේ (12) රාත්‍රී 7.40ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක , ඔවුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සමග මෙම දුම්වැටි තොගය සගවා ගෙන තිබූ අතර, එහි රුපියල් 32,30,000 (තිස් දෙලක්ෂ තිස් දහසක්) ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 64,600ක් තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙනතිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරීවරුන් වන ජී.එස්. චන්ද්‍රසිරි සහ පී.වී. ධර්මප්‍රියන්ත යන මහත්වරුන් විසින් සිදුකර තිබුණි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.සී.බටවල, සහකාර රේගු අධිකාරීවරු වන අකිල රූපසිංහ, සඳුන් බටගොඩ, සජිත් සිරිවර්ධන සහ ප්‍රභාත් නාලක යන මහත්වරු සිදුකළහ.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.සී. බටවල මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කළ අතර, මොවුන් දෙදෙනාට රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.



අදහස් (0)

දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 372 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site