(නිමල කොඩිතුවක්කු)

ආසන ප‍්‍රමාණයට මගීන් රැගෙන යාම ඇතුලූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කරන්නැයි රජය උපදෙස් දුන්නත් ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා දුම්රිය බලධාරීන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අද(26) පස්වරුව වනවිටත් දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමට බලධාරීන් කටයුතු කර නොතිබූ බවද ජයසේකර මහතා සඳහන් කළේය.

සති අන්තයේ දීර්ඝ නිවාඩුවකින් පසු විශාල පිරිසක් හෙට(27) දිනයේ සිට දුම්රියවල ගමන් කිරීමට නියමිත බැවින් කොවීඞ් වයාප්ත වීමේ වීශාල අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඔක්තොම්බර් මාසයේ සිට දුම්රිය සේවකයින්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර නොමැති බවත් හෙතෙම පැවසීය.

දුම්රිය බලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් දුම්රිය සේවකයින් සහ මගීන් විශාල අවදානමකට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.