(නිමල කොඩිතුවක්කු)

චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් අද (31) සිට ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ලංකාදීපයට පැවසීය.

චීන දුම්රිය මැදිරි නිසි නඩත්තු කටයුත්තකින් තොරව දුම්රිය  ධාවනය කිරීම හේතුවෙන් මෙම පියවර ගනු ලැබූ බවද දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් බලධාරීන් සමග අවස්ථා ගණනාවක දී සාකච්ඡා කළත් ඊට නිසි පිළියම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවත් ඔහු පැවසීය.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සදහා දුම්රිය නියාමකවරුන්ද සහය පළ කර ඇති බවත් ඉන්දික දොඩංගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.