(යොහාන් භාසුර)
රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් වන ආකාරයට විකිණීමට සූදානම් වන්නේ යැයි චෝදනා එල්ල වූ දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කල යකඩ මෙට්‍රික්ටොන් 3000 ක් හෙවත් කිලෝ ලක්ෂ 30 ක තොගය විකිණීම සඳහා නැවත ටෙන්ඩර් කැඳවන ලෙස ලිඛිතව දැනුම් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා පැවැසීය.
මෙම යකඩ විකිණීමේ ගනුදෙනුව රජයට වාසිදායක වන ආකාරයට කළ යුතු බවත් කී මොන්ටි රණතුංග මහතා එම කාර්ය විනිවිදභාවයෙන් යුතුව නැවත ප්‍රසිද්ධ දැන්වීම් පළ කර මුල සිට ක්‍රියාත්මක කරන ලෙස වැඩිදුරටත් දැනුම් දුන් බව සඳහන් කළේය.
මෙම යකඩ තොගය වෙළෙඳපොළ වටිනාකමට වඩා අඩු මිලකට විකිණීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පිරිසක් උත්සාහ කරන බවට දුම්රිය නගාසිටුවීම සඳහා වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම්දී තිබුණි.
මෙම යකඩ තොගය සම්බන්ධ ටෙන්ඩර් දෙකක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ යකඩ සමාගමකට දුම්රිය දෙපාර්තමේන්තුවට අලාභයක් වන ආකාරයට බලධාරීන් පිරිසක් උත්සහ දරන බවත් මෙම ටෙන්ඩර් විනිවිදභාවයෙන් තොර වීම හේතුවෙන් අත්හිටුවා නැවත ටෙන්ඩර් කැඳවීමට හිටපු ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ පියවර ගෙන තිබියදී ඇමතිවරයා මාරු කිරීමෙන් පසු එම උත්සහය නැවත ක්‍රියාත්මක කර ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති චෝදනා කළේය.
මීට මාස 6 කට පමණ පෙර යකඩ කිලෝවකට රුපියල් 65 ක ලංසුවක් ඉදිරිපත් කළ ඉල්ලුම්කරුවෙකුට ලබානොදී රුපියල් 45 ක අඩු ලංසුවක් ඉදිරිපත් කළ ප්‍රධාන පෙළේ යකඩ නිෂ්පාදන සමාගමකට යකඩ තොගය ලබා දීමට උත්සාහ කරන බවත් කිලෝවක් රුපියල් 65 ක මිලක් යටතේ ලබා දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 19 කට අධික මුදලක් ලැබීමට නියමිතව තිබූ බවත් එම ටෙන්ඩරයම රුපියල් 45 බැගින් ලබා දීමෙන් රුපියල් කෝටි 13 කට අධික මුදල් ප්‍රමාණයක් පමණක් ලැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 6 ක පමණ පාඩුවක් වන බවට වෘත්තීය සමිති පෙන්වාදී තිබුණි.
වර්තමාන වෙළඳපොලේ අබිලි යකඩ කිලෝවක මිල රුපියල් සියයට අධික බවත් ඒ හේතුවෙන් නැවත ටෙන්ඩර් කැඳවා නිසි ක්‍රියාපටිපාටියකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් නොවන ආකාරයට මෙම යකඩ තොගය අලෙවි කළ යුතු බවත් වෘත්තීය සමිති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
දුම්රිය වෘත්තීය සමිති මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතාට ද ලිඛිතව දැනුම් දී තිබූ අතර ලේකම්වරයා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹ තිබේ
ඩ
COMMENTS
ආ කට්ටිය දැන් ඉල්ලනන
වංචාකිරීමට කටයුතුකල නිලධාරීන්ට දඞුවමක් නැද්ද…?