
(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසකගේ සේවය ස්ථිර නොකර සේවයෙන් ඉවත්කිරීමට විරෝධය දක්වමින් නිදහස් දුම්රිය සේවක සංගමය මරදාන දුම්රිය මූලස්ථානයේදී අද (15) විරෝධතාවක් පැවැත්වීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිවාස සේවා කාලය සම්පූර්ණ නොකළ සේවකයන් 70 ක් සේවයෙන් ඉවත් කර ඇති බවත් සනීපාරක්‍ෂණ කම්කරුවන් 28 කගේ සේවය ස්ථිර කර නොමැති බවත් ඔවුන්ගේ සේවය ස්ථිර කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරිය අනුමැතිය දී තිබියදී දුම්රිය බලධාරීන් ඒවා ඉටුනොකර බවට එහිදී උද්ඝෝෂකයෝ චෝදනා කළහ.
දුම්රිය සේවකයන් දුම්රිය මූලස්ථානය ඉදිරිපිට විරෝධතා පාඨ කරමින් උද්ඝෝෂකය කළ ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd